හර්ෂිතා අර්ධ ශතකයකින් වැඩ අල්ලයි

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (04) Napier හී McLean Park ක්‍රීඩාංගණයේ දී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වුනා.

තරගය පන්දුවාර 36.4කට සීමා වූ අතර එහි දී හර්ෂිතා සමරවික්‍රම අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කිරීම කැපී පෙණුනා. ඇයගේ අර්ධ ශතකය තමන් මුහුණ දුන් 83 වැනි පන්දුවේ දී වාර්තා කළ අතර වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඇය නොදැවී ලකුණු 66ක් ලබා සිටියා.
අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් චේතනා විමුක්ති සහ මනුදි නානායක්කාර ද නවසීලන්තය වෙනුවෙන් Bree Illing, Emma McLeod සහ Polly Inglis ද කාන්තා එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් වුනා.

හර්ෂිතා සමරවික්‍රම පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ද සහ අනුශ්කා සංජීවනී පන්දු 4කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 2ක් ද ලබා සිටියා.
කඩුලු ලබා ගැනීමේ දී අද දවසේ එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් 21 හැවිරිදි වියේ පසුවෙන වමතින් මඳ වේග පන්දු යවන Bree Illing ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව නායිකා Suzie Bates කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 147 (36.4) විශ්මි ගුණරත්න 30, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 66, නිලක්ෂි ද සිල්වා 17, Bree Illing 2/10
තරගයේ විසඳුමක් නෑ.
දෙරට අතර පැවැත්වෙන 2 වැනි එක්දින ජාත්‍යන්තර තරගය මාර්තු මස 07 වැනිදා Nelson හී Saxton Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න