සිංහ ධේනුවන්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් !

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (25) චීනයේ Hangzhou හිදී ක්‍රියාත්මක වුනා.
එහි දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ ලකුණු 19කින් පරාජයට පත් වීම නිසා රන් පදක්කමේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය නමුත් එය රිදී පදක්කමක් බවට පරිවර්තනය කරගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

එය මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව ලබා ගත් පළමු පදක්කම වන අතර ආසියානු ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් දැක්වූ ඉහළම දස්කම ද මෙයයි.
කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහි දී ඔවුන් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 116ක් ලබා ගත්තා.

දඟපන්දු යවන්නන්ට තරමක් හිතකර මේ තණතීරුව මත ලකුණු 117ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට
නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 97ක් පමණයි.

හසිනි ඉනිමේ වැඩිම ලකුණු ලාභි ක්‍රීඩිකාව වෙමින් ලකුණු 25ක් ලබා ගන්නා විට, නිලක්ෂි සහ ඕෂදී රණසිංහ පිළිවෙළින් ලකුණු 23ක් සහ ලකුණු 19ක් ලබාගෙන ගෞරවාන්විත අවසානයක් දක්වා ශ්‍රී ලංකාව රැගෙන ගියා.

- India Women-116/7 (20)
- Sri Lanka Women-97/8 (20)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න