ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක්
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන දින පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට නිකුත් කිරීමට නියමිත බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.
ඉන්දීය කණ්ඩායමට අයත් නොවන තරගවල ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට මිල දී ගැනීමට හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන අතර ඉන්දියාව සහභාගී වන සියලු තරගවල ප්‍රවේශ පත්‍ර අදියරෙන් අදියර නිකුත් කරන බව සඳහන්.
ඉන්දියාව සහභාගී වන පුහුණු තරගවල ප්‍රවේශ පත්‍ර අගෝස්තු 30 වැනිදා සිටත්,
මූලික වටයේ තරගවල ප්‍රවේශ පත් අගෝස්තු 31 වැනිදා සිටත් මිල දී ගැනීමට හැකියාව පවතින බව සහ තරගාවලියේ උණුසුම් ම තරගයක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ ප්‍රවේශ පත්‍ර සැප්තැම්බර් 03 වැනිදා සිට ලබා ගැනීමට හැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ආකාරය
- අගෝස්තු 25 – ඉන්දියාව සහභාගී නොවන පුහුණු සහ මූලික වටයේ තරග.
- අගෝස්තු 30 – ඉන්දියාව සහභාගී වන පුහුණු තරග.
- අගෝස්තු 31 – චෙන්නයි, දිල්ලි සහ පූනේ වල ඉන්දියාව සහභාගී වන තරග.
- සැප්තැම්බර් 01 – ධර්මශාලා, ලක්නව් සහ මුම්බායි හී ඉන්දියාව සහභාගී වන තරග
- සැප්තැම්බර් 02 – බැංගලෝර් සහ කල්කටා හී ඉන්දියාව සහභාගී වන තරග.
- සැප්තැම්බර් 03 -පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය.
- සැප්තැම්බර් 15 – අවසන් වටයේ තරග.

Hindustan Times ඇසුරිනි .
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න