ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි
පාපන්දු ලෝක කුසලානය 2022
2022 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ ඊයේ (01) පැවති තරගවලින් මොරොක්කෝව, ජපානය සහ ජර්මනිය ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.
එමෙන්ම ඊයේ (01) පැවති ක්‍රොඒශියාව සහ බෙල්ජියම අතර තරගය අවසන් වුනේ ජය පැරදුමෙන් තොරවයි.
ජපානය සහ ස්පාඤ්ඤය

ප්‍රබල ස්පාඤ්ඤය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ අවසන් කණ්ඩායම් 16ට පිවිසීමට ජපානයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය:ජපානය 02 – 01 ස්පාඤ්ඤය
ගෝල රැස් කළ ක්‍රීඩකයින්,ජපානය
: Ritsu Doan 48’, Ao Tanaka 51’ස්පාඤ්ඤය: Alvaro Morata 11’
ජර්මනිය සහ කොස්ටාරිකා

ජපානය හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජයෙන් පසුව තරගාවලියේ රැඳී සිටීමට මෙම තරගය ඉතා හොඳින් ජයග්‍රහණය කිරීමට ජර්මනියට වැදගත් වුනා.
තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ජර්මන් ක්‍රීඩක Serge Gnabry විසිනුයි. තරගයේ 10 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.
එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් 16ට (lankansports.com)
පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට (lankansports.com)
කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ (lankansports.com)
තරගයේ වැඩි ගෞරව ජර්මනියට ගෙන දෙමින් තරගයේ 89වැනි මිනිත්තුවේ ලැබූ පන්දුවක් ඉතා සාර්ථකව ගෝලය තුළට යොමු කරමින් තරගයේ සිව්වැනි ගෝලය වාර්තා කිරීමට Niclas Fullkrugට හැකි වුනා.
තරගය අවසන් වන තුරුම වෙනත් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කොස්ටාරිකා ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා තරගය ජර්මනිය ජය ගත්තා.
නමුත් ජපානයට සිය අවසන් තරගය ජයග්‍රහණය කළ නිසා ජර්මනියට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනේ නැහැ.
අවසන් ලකුණු තත්වය:ජර්මනිය 04 – 02 කොස්ටාරිකා

ජර්මනිය – Serge Gnabry 10’, Kai Havertz 73’ & 85’, Niclas Fullkrug 89’, Manuel Neuer 70’ (OG)කොස්ටාරිකා – Yeltsin Tejeda 58’
මොරොක්කෝව සහ කැනඩාව
කැනඩාවට තරගාවලියේ ඉදිරිය අහිමිව තිබුණත් මෙතෙක් ප්‍රබල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ මොරොක්කෝ ක්‍රීඩකයින්ට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගයේ ප්‍රතිඵලය ඉතා වැදගත් වුනා.
අවසන් ලකුණු තත්වය: මොරොක්කෝව 02 – 01 කැනඩාව
ගෝල රැස් කළ ක්‍රීඩකයින්,
මොරොක්කෝව:Hakim Ziyech 4’, Youssef En Nesyri 23’, Nayef Aguerd 40’ (OG)
බෙල්ජියම සහ ක්‍රොඒශියා

ලෝක අනුශූර ක්‍රොඒශියා සහ බෙල්ජියම අතර පැවති මෙම තරගයේ ප්‍රතිඵලය ඉදිරි වටය සඳහා පිවිසීමට කණ්ඩායම් ද්විතවයටම ඉතා වැදගත් වුනා.

Romelu Lukaku හට හිමි වූ අවස්ථා කිහිපයක්ම සාර්ථක කර ගැනීමට ඔහුට හැකි වුනේ නැහ.
එම නිසාවෙන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර ලෝක අනුශූර ක්‍රොඒශියා ක්‍රීඩකයින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගද්දී ප්‍රබල බෙල්ජියමට ලෝක කුසලාන ගමනට මූලික වටයෙන්ම තිත තැබීමට සිදු වුනා.




තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.