චන්දිමාල්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟෙයි..

සංචාරක පාකිස්තානයට එරෙහිව ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස් කිරීමට සමත් විය. පිට පිට තුන්වැනි වරටත් අර්ධ ශතකයකට හිමිකම් කියමින් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අතර, ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු ද අර්ධ ශතකයකට හිමිකම් කීවේය.

ඊයේ දිනයට නියමිත ඕවර 90ක් වූවද, 86 වැනි ඕවරයෙන් පසු අලෝක තත්ත්වය අඩු වීම හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

තරගය නතර කරන විට නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 42ක් රැස් කර සිටින අතර, සිය මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරන දුනිත් වෙල්ලාලගේ නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 6කි. තම සියවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඇන්ජෙලෝ මැතිව්ස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 42කි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට ලකුණු 92ක ආරම්භයක් ගෙන දීමට නායක දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දු සමත් වූ අතර, සිය ටෙස්ට් දිවියේ 7 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ඕෂද සමත් වූයේ සිය ටෙස්ට් තරග දිවියේ ලකුණු දහස ද සම්පූර්ණ කරමිනි. ඔහු මේ කඩඉම පසු කළේ සිය 19 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමිනි.

ලකුණු 3ක් රැස් කර සිටියදී අනවශ්‍ය ලකුණක් කරා දිවයෑමට උත්සාහ කළ කුසල් මෙන්ඩිස් ඊයේ නිකරුණේ කඩුල්ල පූජා කළ අතර, ශ්‍රී ලංකා පිලට දෙවැනි කඩුල්ල අහිමි වීමත් සමඟ දිවා ආහාරයට තරගය නතර කෙරිණි. දිවා ආහාරයෙන් පසු දිමුත් කරුණාරත්න සමඟ එක් වූ ඊයේ තරගයේ විශේෂිතම ක්‍රීඩකයා වන ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 120 දක්වා ඉහළ නැංවීය.

යසීර්ගේ පන්දුවකට එල්ල කළ ස්වීප් පහරක් නසීම් ෂා උඩපන්දුවක් ලෙස සුරැකිව රැක ගැනීමෙන් දිමුත්ගේ ඉනිම ලකුණු 40කට සීමා වූ අතර, ශ්‍රී ලංකා පිලේ පළපුරුදු පිතිකරු යුගලය වන මැතිව්ස් සහ චන්දිමාල් එක්ව ඉනිම පිළිසකර කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 195 දක්වා ඉහළ නැංවීමට සමත් වූයේ අනතුරුවය. කෙසේ වෙතත් තේ පානයට ඕවරයකට පෙර නවුමන් අලි යැවූ ඕවරයේදී මැතිව්ස් දුන් ඉතා පහසු උඩපන්දුවක් පාකිස්තාන පිලේ නායක බාබර් අසාම්ගෙන් ගිලිහී ගියේය. ඒ වන විට ඔහු ලකුණු 36ක් රැස් කර සිටියේය. තරගයට යම්කිසි ජීවයක් ගෙන දීමට සමත්ව තිබූ මැතිව්ස්ගේ සහ චන්දිමාල්ගේ සබඳතාව මුළු ලකුණු 195ක් තිබියදී බිඳ වැටුණේ තේ පානයෙන් මොහොතකට පසුවය.

නවුමාන් අලි යැවූ පන්දුවක් මැතිව්ස්ගේ පිත්තේ අග යන්තමින් ගැටී කඩුලු රකින්නා අතට පත් වෙද්දී මැතිව්ස් ලකුණු 42ක් රැස් කර සිටියේය. 2009 වසරේ පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර පිටියේදිම ටෙස්ට් වරම් දිනා ක්‍රීඩා කළ පළමු ඉනිමේදිත් මැතිව්ස් දැවී ගියේ ලකුණු 42කටය.

ඊයේ දිනයේ හොඳම ඉනිම ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් රැස් කළේය. ඔහු සිය 24 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ අතර, එය පාකිස්තාන ටෙස්ට් තරගමාලාවේ පිට පිට රැස් කර ගත් තුන්වැනි අර්ධ ශතකය ද විය.

හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් එල්ල කළ චන්දිමාල් සිය අර්ධ ශතකය වාර්තා කිරීමෙන් පසු ලකුණු රැස් කිරීම වේගවත් කළ අතර, යසීර් ෂාගේ ඕවර දෙකකදී දැවැන්ත හයේ පහර 2ක් ද එල්ල කරමින් ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට රැගෙන ගොස් තිබිණි. එහෙත් අනවශ්‍ය පහරක් එල්ල කිරීමට යෑමෙන් චන්දිමාල්ට ආපසු ක්‍රීඩාගාරයට හැරී යෑමට සිදුවීම කනගාටුදායක සිදුවීමකි.

ධනංජය ද සිල්වා දැවී ගියේ පාකිස්තාන පිල නව පන්දුව ගැනීමෙන් පසු යවනු ලැබූ දෙවැනි ඕවරයේදීය. නසීම් ෂා යැවූ එම ඕවරයේ දෙවැනි පන්දුව ධනංජය ද සිල්වාගේ පිත්තත්, පා ආවරණයත් අතරින් රිංගා මැද ඉන්න බිඳ දැමුවේය. එම ඕවරයේදීම සිව්වැනි පන්දුව දික්වැල්ගේ පිත්තේ අග වැදී දෙවැනි ස්ලිප් කලාපයට උඩපන්දුවක් ලෙස ඇදී ගිය අතර, ඉතා පහසු උඩපන්දුවක් දෙවැනි වතාවටත් පාකිස්තාන නායකයාගෙන් ගිලිහිණි. ඒ වන විට දික්වැල්ල රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 24කි.

අද තරගයේ දෙවැනි දිනයයි.

ඔබත් කැමතිනම් මෙම තරග මාලාවත් සමග එකතු වී මුදලින් ජයග්‍රහන ලබාගන්න,පහලින් ඇති බටනය මත Click කර අපත් සමග එකතුවන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat