
කාන්තා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි
කාන්තා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය 2023
ලොව පුරා අවධානය දිනා ගත් වෙන්දේසියකින් පසුව මෙම වසරේ ආරම්භ වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කර තිබෙනවා.
Delhi Capitals, Gujarat Giants, Mumbai Indians, Royal Challengers Bangalore සහ UP Warriorz යන කණ්ඩායම් පහ තරග වදින මෙම තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩිකාවන් 30ක් ඇතුළුව සමස්ත ක්‍රීඩිකාවන් 87ක් කණ්ඩායම් විසින් මිල දී ගනු ලැබුවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ කාලසටහනට අනුව මෙම තරගාවලිය දින 23ක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මූලික වටයේ තරග විස්සක් සහ අවසන් වටයේ (playoff) තරග දෙකක් ඇතුළත් වෙනවා.

ඒ අනුව තරගාවලියේ පළමු තරගය මාර්තු 04 වැනිදා Mumbai Indians සහ Gujarat Giants කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ DY Patil ක්‍රීඩාංගණයේ දීයි.
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive women (lankansports.com)

තරගාවලියේ පළමු ද්විත්ව තරග (double-header) මාර්තු 05 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර
එදින Delhi Capitals සහ Royal Challengers Bangalore තරගය Brabourne ක්‍රීඩාංගණයේ දීත්, Gujarat Giants සහ UP Warriorz තරගය DY Patil ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ද්විත්ව තරග පැවැත්වෙන දිනවල පළමු තරගය සවස 3.30ට සහ දෙවැනි තරගය රාත්‍රි 7.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

Brabourne සහ DY Patil ක්‍රීඩාංගණවල තරග 11 බැගින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර Eliminator තරගය මාර්තු 24 වැනිදා DY Patil ක්‍රීඩාංගණයේත්, අවසන් මහා තරගය මාර්තු 26 වැනිදා Brabourne ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට නියමිතයි.
Mar-04 | 7:30 PM | Gujarat Giants | Mumbai Indians | DY Patil Stadium |
Mar-05 | 3:30 PM | RCB | Delhi Capitals | Brabourne Stadium |
Mar-05 | 7:30 PM | UP Warriorz | Gujarat Giants | DY Patil Stadium |
Mar-06 | 7:30 PM | Mumbai Indians | RCB | Brabourne Stadium |
Mar-07 | 7:30 PM | Delhi Capitals | UP Warriorz | DY Patil Stadium |
Mar-08 | 7:30 PM | Gujarat Giants | RCB | Brabourne Stadium |
Mar-09 | 7:30 PM | Delhi Capitals | Mumbai Indians | DY Patil Stadium |
Mar-10 | 7:30 PM | RCB | UP Warriorz | Brabourne Stadium |
Mar-11 | 7:30 PM | Gujarat Giants | Delhi Capitals | DY Patil Stadium |
Mar-12 | 7:30 PM | UP Warriorz | Mumbai Indians | Brabourne Stadium |
Mar-13 | 7:30 PM | Delhi Capitals | RCB | DY Patil Stadium |
Mar-14 | 7:30 PM | Mumbai Indians | Gujarat Giants | Brabourne Stadium |
Mar-15 | 7:30 PM | UP Warriorz | RCB | DY Patil Stadium |
Mar-16 | 7:30 PM | Delhi Capitals | Gujarat Giants | Brabourne Stadium |
Mar-18 | 3:30 PM | Mumbai Indians | UP Warriorz | DY Patil Stadium |
Mar-18 | 7:30 PM | RCB | Gujarat Giants | Brabourne Stadium |
Mar-20 | 3:30 PM | Gujarat Giants | UP Warriorz | Brabourne Stadium |
Mar-20 | 7:30 PM | Mumbai Indians | Delhi Capitals | DY Patil Stadium |
Mar-21 | 3:30 PM | RCB | Mumbai Indians | DY Patil Stadium |
Mar-21 | 7:30 PM | UP Warriorz | Delhi Capitals | Brabourne Stadium |
Mar-24 | 7:30 PM | Eliminator | (TBD) | DY Patil Stadium |
Mar-26 | 7:30 PM | Final | (TBD) | Brabourne Stadium |
Hindustan Times ඇසුරිනි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.