ක්‍රිකට් ලොව උමතු කල සමුගැනීම් දෙකක් එක් දිනක් තුළ-After Glenn Maxwell, Heinrich Klaasen announces retirement from international cricket

වත්මන් ක්‍රිකට් පිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙදෙනෙකු විසින් ඊයෙ (02) දිනයේ දී සිය සමු ගැනීම් ප්‍රකාශයට පත් කළා.
Glenn Maxwell

ඕස්ට්‍රේලියාව විසින් බිහි කළ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස හැඳින්විය හැකි Glenn Maxwell ඊයේ දිනයේ දී තමන් එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ බව නිවේදනය කළා.
තවදුරටත් තම ශරීරයට එක්දින ක්‍රිකට් ක්‍රීඩාව දරා ගත නොහැකි බව සඳහන් කරමින් ඔහු සිය සමු ගැනීම ප්‍රකාශයට පත් කළ නමුත්, තවදුරටත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස තරග ක්‍රීඩා කිරීමට සූදානමින් පසු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
මේ වන විට 36 වැනි වියේ පසුවන Maxwell විසින් එක්දින ක්‍රිකට් තරග 149ක් ක්‍රීඩා කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ එදින ලෝක කුසලාන ද්විත්වයක ද පහස විඳීමට සමත් වුනා.
2022 වසරේ ඔහුගේ පාදයේ සිදු වූ ආබාධයෙන් පසුව එක්දින ක්‍රිකට් ක්‍රීඩාව දිගින් දිගටම කර ගෙන යාම අපහසු වූ බව පවසන Maxwell එමගින් තම කණ්ඩායම ආපස්සට ඇද දැමීමක් සිදු නොකළ යුතු බව විශ්වාස කරන බව සඳහන් කරනවා.
Heinrich Klaasen

එක්දින පිටියේ ලකුණු 2000 ඉක්මවූ ඉහළ ප්‍රහාරාත්මක වේගයක් ඇති පිතිකරුවන් අතරේ පළමු ස්ථානය හිමි Maxwellගේ සමු ගැනීමෙන් මොහොතකට පසුව ඊයේ දිනයේ දීම, එම ලැයිස්තුවේ දෙවැනි තැන රැඳෙනා දකුණු අප්‍රිකානු පිතිකරු Heinrich Klaasen ද සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමේ නිවේදනය ප්‍රකාශයට පත් කළා.
විස්සයි විස්ස ලීග් පිටියට වැඩි අවධානයක් ලබා දීම අරමුණු කර ගනිමින් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කළ බවයි පෙනී යන්නේ.
නුදුරේ දීම 34 වැනි වියට පා තැබීමට නියමිත Klaasen සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නිමා වූ ශූරයින්ගේ කුසලානයේ අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ වසර හතක කාලයක් සැරි සැරූ Klaasen විසින් ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 60ක් සහ විස්සයි විස්ස තරග 58ක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කළා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න