උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!
ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක උෂාන් තිවංක ඊයේ (11) පැවති Tiger Paw Invitational ගෘහස්ථ තරගාවලියේ උස පැනීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.
ටෙක්සාස් නුවර A&M සරසවිය නියෝජනය කරමින් තරග වදින ඔහු තරගාවලියේ පළමු ස්ථානය මීටර් 2.25ක දස්කමක් දක්වමින් දිනා ගනිද්දී, එම දස්කම ම දක්වමින් Trey Allen දෙවැනි තැන දිනා ගත්තා.

මෙය උෂාන් මෙවර තරග වාරයේ සහභාගී වූ පළමු තරගය වූ අතර එම තරගයේම කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔහුට හැකි වීම මෙවර තරග වාරය සඳහා හොඳ ආරම්භයක්.
පිරිමි උස පැනීම ඉසව්වේ මීටර් 2.30 දස්කමක් දක්වමින් දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන උෂාන්
පසුගිය වසරේ දී මීටර් 2.27ක දස්කමක් දක්වමින් ඉසව්වේ ගෘහස්ථ ජාතික වාර්තාව ද බිඳ හෙළන්නට සමත් වුනා.

ඔහු පසුගිය වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා නම් කළ මලල ක්‍රීඩා සංචිතයට ද ඇතුළත් වූ නමුත් පෞද්ගලික හේතුවක් නිසාවෙන් එම තරගාවලියට සහභාගී වීම ඔහු ප්‍රතික්ෂේප කළා.

උෂාන්ගේ වර්තමාන දස්කම් අනුව ඔහු ආසියානු කලාපයේ ක්‍රීඩකයින් අතර ඉහළින් සිටින නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනා ගැනීමට ඔහුට විශාල හැකියාවක් තිබෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.