සුරංග ලක්මාල් -සොඳුරු කඩුලු දඩයක්කරුවා

ඉන්දියාව හමුවේ වූ ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පරාජයට පත්වුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩකයකුට ප්‍රතිවාදී කණ්ඩායමේ මෙන්ම තරගය නැරඹීමට චින්නස්වාමි ක්‍රීඩාංගණයට පැමිණ සිටි ප්‍රේකෂකයින්ගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවිය. ඒ වෙන කිසිවකුටත් නොව වසර 12 ක කාලයක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වේග පන්දුවට ජීවය ගෙන දුන් සුරංග ලක්මාල්ටය. නැතහොත් ‘ඒ සොඳුරු කඩුලු දඩයක්කරුවාගේ’  ටෙස්ට් තරග දිවියේ සමුගැන්මටය. ජස්ප්‍රිත් බුම්රාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ලක්මාල්ගේ ඉනිම පමණක් නොව ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් තරග දිවියටම ඉකුත් මාර්තු 14 වැනිදා සිට විවේකයක් ලැබිණ.

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායකයගේ කඩුල්ල දවා ගත් ජස්ප්‍රිත් බුම්රා ලෝක ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන ලද සේවය වෙනුවෙන් ලක්මාල්ට පළමුව සුභ පැතූ ඉන්දීය ක්‍රීඩකයා බවට පත්විය. අනතුරුව, හිටපු ඉන්දීය නායක සුපිරි පිතිකරු විරාට් කෝලි, වර්තමාන නායක රෝහිත් ෂර්මා මෙන්ම සෙසු ක්‍රීඩකයින්ද මේ අසහාය වේග පන්දු යවන්නාගේ සමුගැනීමට සුභ පැතුම් එක් කර සිටියහ.

2010 වසරේදී පළමු වතාවට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමෙන් පසු ඊයේ (14 දා) දිනයේදී සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනතාක් කල් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 70 ක් නියෝජනය කළ සුරංග ලක්මාල් එම කාල සීමාවේදී ටෙස්ට් කඩුලු 171 ක් දවා ගැනීමට සමත්වූවේය. ඔහුගේ වසර 12 ක ටෙස්ට් තරග දිවිය හමාර කරන ලද්දේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගන්නා ලද පන්දු යවන්නන් අතර සිවුවැනි තැනට සිය නම රන්දව ගනිමිනි. තවත් අතක් ගත්විට වේග පන්දු යවන්නන් අතර ඔහු දෙවැනිව සිටින්නේ වමත් වේග පන්දු යැවූ ක්‍රීඩක චමින්ද වාස්ට පමණි.

ජාත්‍යන්තර දිවියට පණ පොවන ලද දශකයකුත් වසර 2 කට ආසන්න කාල සීමාවේදී ටෙස්ට් තරග 5 කදී ශ්‍රී ලංකාව මෙහෙයවීමටද සුරංග ලක්මාල් වාසනාවන්ත විය. ටෙස්ට් තරග අංශයේ නායකත්වයට පත් 16 වැනි නායකයා බවට පත්වූ ලක්මාල් සිය නායකත්වය යටතේ ජයග්‍රහණ 3 ක් ශ්‍රී ලංකාවට දිනාදීමට සමත්වූවේය. නායකත්වය දරන සමයේදී ලක්මාල්ගේ නම ඉදිරියෙන් සටහන් වන සුවිශේෂී වාර්තාවක් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බාබඩෝස්හි පැවැති තරගයක් ජයගනු ලැබූ එකම ආසියානු නායකයා වශයෙනි. දකුණු අප්‍රිකාවට එරෙහිව ගාල්ලේදී සහ කොළඹ ටෙස්ට් එස්. එස්. සී. හි පැවැති ටෙස්ට් තරග දෙක ලක්මාල් නායකත්වය ලබා දෙමින් ජයග්‍රහණය අත්කර දුන් සෙසු ටෙස්ට් තරග වේ.

ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියෙන් පසු ටෙස්ට් දිවියට සමුදෙන බව ලක්මාල් කල් තියාම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දුන්නේය. ගෙවී ගිය වසර 10 කට ආසන්න කාලය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා බවට පත් වුණු ලක්මාල් ටෙස්ට් තරගවලට නැතිවම බැරි පන්දු යවන්නකු වූවේය. එහෙත් සිය අනාගතය සකසා ගැනීමටත්, තරුණ ක්‍රීඩකයකුට අවස්ථාව සලසා දීමේ උදාරතර අරමුණ ඇතිව ලක්මාල් ගනු ලැබූ තීරණය පිළිගත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඔහු බලාපොරොත්තු වූ සමුගැන්ම ලබා දුන්නේය. දින 3 ක් ඇතුළත අහවර වුණු එම ටෙස්ට් තරග අතර පළමු තරගයේදී පන්දුවාර 25 ක් යැවූ ලක්මාල් එක් කඩුලු 2 ක්ද දෙවැනි ටෙස්ට් තරගයේදී ඉනිම දෙකේදීම පන්දුවාර 18 ක් යවමින් එක් කඩුල්ලක්ද වශයෙන් දවා ගනිමින් සිය ටෙස්ට් තරග දිවියට සමුදුන්නේය. ටෙස්ට් තරග දිවියේ පළමුව බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිස් ගේල්ගේ කඩුල්ල දවා ගැනීමට වාසනාවන්ත වුණු ලක්මාල් ටෙස්ට් තරග දිවියේ අවසන් පිතිකරුවා වශයෙන් ඉන්දීය පිතිකරු අක්සාර් පටෙල්ගේ කඩුල්ල දවා ගත්තේය.

1987 වසරේදී මාතරදී මෙලොව එළිය දුටු රණසිංහ ආරච්චිගේ සුරංග ලක්මාල්, ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණු 2008-2009 තරග සංචාරයට එක්ව සිටින වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ එකම ක්‍රීඩකයාද වූවේය

මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් බස් රථය ඉලක්ක කර ගනිමින් මාර්තු 03 වැනිදා එල්ල වුණු එම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සුරංග ලක්මාල් දරුණු ලෙස තුවාල ලැබූ අතර ඔහුගේ ක්‍රිකට් දිවියද ඉදිරියට කරගෙන යෑම, වෛද්‍ය නිර්දේශ මත පදනම් වූවේය. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී නිකුත් වුණු වෙඩි උණ්ඩ මෙන්ම තවත් ලෝහ කැබැලි ලක්මාල්ගේ ශරීරය තුළට කා වැදුණු අතර ඉන් කීපයක් අදටත් ඔහුගේ ශරීරය තුළ තැන්පත්ව තිබේ. මේ තත්ත්වය මත ඔහුට තවමත් අන්තර්ජාතික ගුවන් තොටුපොළවල් හරහා ගමන් කිරීමේදී වම් කලවයේ තැන්පත් කර ඇති ලෝහ අංශු කැබැලි රැගෙන යන්නේ ඇයිදැයි යන්න ආරක්ෂක නිලධාරීන්ට පැහැදිළි කිරීමටද සිදුව තිබේ.

කණ්ඩායම අසීරුතාවයන්ට පත්ව සිටින බොහෝ අවස්ථාවන්හි පිතිකරුවකු ලෙසද සිය භූමිකාව රඟ දැක්වූ මේ අසහාය පන්දු යවන්නා නිරන්තයෙන්ම දෙපසටම වැඩි දෝලනයනකින් යුක්තව පන්දු යැවීමට රුචිකත්වයක් දැක්වූවේය. ඔහුගේ පන්දු දෝලනය, නිසි ස්ථානයේ පතිත කිරීම නිසා ඔහුව ක්‍රිකට් ප්‍රජාව තුළ අවධානයට පාත්‍ර වූවේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙබරවැව මැදි මහ විදුහලින් පළමුව ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් කියැවූ ලක්මාල්, පන්දු යැවීමේදී දක්වන ලද දක්ෂතාව වැඩිදුරට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළීම සඳහා ගාල්ල රිච්මන්ඩ් විදුහලට පැමිණියේය. අඩි 6 කට වැඩි උසත් පන්දු යැවීමේදී  වේග පන්දු යවන්නකුට තිබිය යුතුම ඉරියව්වකින් හෙබි නිසාම පාසල් ක්‍රිකට් පද්ධතිය තුළද සුරංගට වැඩි අවධානයක් හිමි වූවේය. ඊට අමරව පන්දු යවන අතේ මැණික් කටුවේ පිහිටීම හිටපු ලෝක පූජිත පන්දු යවන්නකු වන ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ග්‍රාත් හා සමානවන බව විචාරකයින්ගේ මත පළ කිරීමද ඔහුගේ පන්දු යැවීමට ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමුවීමට හේතු සාධක සැපයූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 114 වැනි ක්‍රීඩකයා බවට පත් වුණු සුරංග ලක්මාල්, ටෙස්ට් ක්‍රිකට් පිටියේ විරළ වාර්තාවකට හිමිකම් කියන්නේය. ඒ නවතම ටෙස්ට් ක්‍රිකට් පිටියකදී යවන ලද පළමු පන්දුවෙන් කඩුල්ලක් දවා ගැනීමට සමත් ලොව තෙවැනි පන්දු යවන්නාවීමේ වාර්තාවය. 2009 වසරේදී පල්ලකැලේ ක්‍රීඩාංගණය විවෘත කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එම තරගයේදී ක්‍රිස් ගේල්ගේ කඩුල්ල දවා ගත් සුරංග ලක්මාල් එම විරළ වාර්තාවට හිමිකම් කියන ඉන්දියාවේ කපිල් දේව් සහ පාකිස්තානයේ ඉම්රාන් ඛාන් සමඟ සමතැන් ගැනීමට සමත්වූවේය.

සිය ටෙස්ට් තරග දිවියේ පළමු වතාවට දකුණු අප්‍රිකානු පිලට එරෙහිව කඩුලු 5 ක් දවාගත් දෙවැනි පන්දු යවන්නා බවට සුරංග ලක්මාල් පත්විය.

චානක වෙලගෙදරට පසු දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ඔවුන්ගේ නිජබිමේදී කඩුලු 5 ක් දවාගත් පළමු පන්දු යවන්නා බවට පත්වූයේද සුරංග ලක්මාල් වේ. එම තරගයෙන් පමණක් නොව එම තරග සංචාරයට අයත්වුණු තරග 3 න්ම ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද තරගාවලිය තුළ කඩුලු 12 ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ලක්මාල් සමත්වූවේය. ලක්මාල්ගේ තරග දිවියේදී ශ්‍රී ලංකා පිලට ලබා දෙන ලද සහයෝගය අතර වඩාත්ම සතුට දනවන ලද කරුණ බවට පත්වූයේ ඔහු කිසි දිනෙක තරගයක් අතර මැදදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව නොයෑමය.

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරග සංචාරයෙන් පසු සුරංග ලක්මාල්ගේ සේවය තමන්ට අහිමිවීම පිළිබඳව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නම් පසුවන්නේ දැඩි කණස්සල්ලෙනි. බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි ටෙස්ට් තරගයට පෙර දිමුත් ඒ බව සඳහන් කර සිටියේය.

“දැං සුරංගත් ගියාට පස්සේ, මේ කණ්ඩායම ඉදිරියේ තියෙන ටෙස්ට් තරගාවලි තුනේදී මම තවත් බොහෝ අසීරුතාවයට පත් වෙනවා” යනුවෙන් සඳහන් කර සිටි ශ්‍රී ලංකා නායකයා, “අපි දෙන්නා අවුරුදු 10 ක් විතර කාලයක් එකට සෙල්ලම් කරලා තියෙනවා. ඒත් මම තව වෙනතුරු කවදාවත් දැකලා නෑ ඔහු තරගයක් අතර මැදදී ආබාධයකට ලක්වීමෙන් පිටියෙන් පිටතට යන එක. ඒක තමයි මම සුරංගගෙන් මම දකින හොඳම දේ. ඇත්තටම මට ඕන වෙලාවක ඔහු ගැන පූර්ණ විශ්වාසය තියන්න පුලුවන් ක්‍රීඩකයෙක්. මම දන්නවා ඔහු කණ්ඩායම වෙනුවෙන් 100% ක් නොවෙයි 200% ක් දෙනවා කියලා” යනුවෙනි.

සිය සමුගැන්ම පිළිබඳව අදහස් දක්වා සිටි සුරංග ලක්මාල්, “මම තවදුරටත් මේ තැන රැඳීලා සිටියොත්, මගේ තැන වෙනුවෙන් ක්‍රීඩකයෙක් හැදෙන්න තවත් කල්යනවා” යනුවෙනි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්නද ඔහු තවදුරටත් දේශීය වශයෙන් පැවැත්වෙන ෆ්‍රැන්චයිස් තරග සඳහා සිය දායකත්වය ලබා දීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. කෙසේ වෙතත් ඉදිරි වසර 2 ක කාලය ඇතුළත එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය යටතේ ඩර්බිෂයර් ප්‍රාන්ත පිල නියෝජනය කිරීම සඳහා ලක්මාල් ගිවිසුම් ගතව සිටියි. එම ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු වූ දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතාය.

ටෙස්ට් දිවියේ අවසන් වතාවට සුරංග ලක්මාල්ගේ කඩුල්ල දවා ගනු ලැබූ ජස්ප්‍රිත් බුම්රා සිය ආචාරය වේග පන්දු යවන්නා වෙත ලබා දුන් අයුරු.

2022 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය මාර්තු සහ අප්‍රේල් මාසවල නවසීලන්තයේ පැවැත්වෙයි .තරග සදහා ඔට්ටු තබා වටිනා තෑගි දිනාගන්න!

සජීවී මැච් එකට ඔට්ටුවක් දන්නා දැන්ම අප ප්‍රධාන වෙබ්අඩවියට පිවිසෙන්න .

India vs Sri Lanka -2nd Test

මැච් එක


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat