සුරංග ලක්මාල් ගේ අවසාන තරගයේ ජය ලංකාවටද ?

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වඩ වඩාත් ක්‍රිකට් ලෝලීන් අතරට රැගෙන යෑමේ අරමුණෙන් ආරම්භ කරන ලද දිවා/රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හෙවත් රෝස පැහැති පන්දුවෙන් සිදුකරනු ලබන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (12 දා) ප්‍රබල ඉන්දීය පිල මුණ ගැසෙනු ඇත. දිවා/ත්‍රී ටෙස්ට් තරගයකදී දෙපිළ මුණ ගැසෙන පළමු අවස්ථාව වන මෙම තරගය බංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.30 ට ආරම්භ වනු ඇත.

සුරංග ලක්මාල් ගේ අවසාන තරගයේ ජය ලංකාවටද ?

දෙරට අතර පැවැති පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 222 කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමට සමත්වීම නිසා ඉන්දියාව හෙට තරගයට පිවිසෙන්නේ තරගාවලිය 1-0 ක් ලෙස හිස කෙළින් තබාගනිමිනි. 2015 වසරේ සිට ආරම්භ වුණු රෝස පැහැති පන්දුවේ භාවිතයෙන් කෙරෙන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව හෙට සහභාගිවනු ලබන්නේ සිව්වැනි තරගයට වේ. මීට පෙර තරග වැදි තරග 3 න් 2 ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වද්දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයක පමණක් පරාජයට පත්ව තිබේ. පාකිස්තානයට එරෙහිව ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයත් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බ්‍රිජ්ටවුන්හි පැවැති තරගයත් ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්ව සිටියි.

දිවා/රාත්‍රි ටෙස්ට් තරග ඉතිහාසය ඉන්දියාවට සංසන්දනය කරන විටද එහි වාර්තාද ශ්‍රී ලංකාව හා සමානතාවක් දක්වයි.

ඔවුන් මීට පෙර මේ ආකාරයේ ටෙස්ට් තරග 3 කට සහභාගිව ඉන් 2 ක් ජය ගෙන එකක් පරාජයට පත්ව සිටියි. එංගලන්තයට සහ බංග්ලාදේශයට එරෙහිව පැවැති රෝස පැහැති පන්දුවේ ටෙස්ට් තරග දෙක ඉන්දියාව ජය ගනිද්දී ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය පරාජයට පත්ව සිටියි.

රතු පන්දුවෙන් සිදුකෙරෙන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වඩා දෝලනය තරමක් වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝස පැහැති පන්දුවේ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ගිය 10 වැනිදා සිටම පුහුණුවීම් සිදුකරනු ලබන අතර තරගයට පෙර දිනය හෙවත් අද (11 දා) පස්වරුවේදීද තවත් පුහුණු සැසියකට සහභාගිවීමට නියමිතව සිටියි.

ඉන්දීය පන්දු යවන්නන්ගේ ගුණාත්මක පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් සිය පිත්ත නොසැළී තබාගතහොත් තරගය පිළිබඳව කිසියම් බලාපොරොතේතුවක් ශ්‍රී ලංකාවට තබා ගැනීමේ හැකියාව උදාවේ. පළමු තරගයේදී එතරම් ලකුණු අතරට පිවිසීමට අපොහොසත් නායක දිමුත් කරුණාරත්න මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් හට හෙට තරගයේදී වැඩි වගකීමක් හිමිවනු ඇත. අවසන් වරට පැවැති ටෙස්ට් තරග වලදී මොවුන් දෙදෙනා ලකුණු අතරට පිවිසීම, එම තරග අංශයේ ශ්‍රී ලංකා පිලට සාර්ථකවීමට ප්‍රධාන හේතු වූහ.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ ස්ථාන කීපයක් වෙනස්වීමේ ඉඩ කඩක් අද දිනයේදී පවතිනු ඇත. එහිදී පළමු තරගයේදී ආබාධයට ගොදුරු වුණු ළහිරු කුමාර නිසැකයෙන්ම හෙට තරගයට ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට බොහෝ විට දඟ පන්දු යවන්නකු වන ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට එකතුවීමේ වැඩි ඉඩ කඩක් පවතියි. කොවිඩ් ආසාධනය වුණු කුසල් මෙන්ඩිස් සහ විවේක ගැන්වී දුෂ්මන්ත චමීරද හෙට තරගය සඳහා සූදානමින් පසුවන නිසා කණ්ඩායමේ වෙනස්කම් කීපයක් අපේක්ෂා කළ හැක.

හෙට තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන සුරංග ලක්මාල්ගේ ටෙස්ට් තරග දිවියේ අවසන් තරගය වන බැවින් ඔහුගේ ටෙස්ට් සමුගැන්මට ජයග්‍රහණයකින් සැමරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගත හැකි හෑම හෙසෙක්ම ගනු ලබන බව තරගාවලියට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටියේය.

2010 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් දකුණත් වේග පන්දු යවන්නා හෙට තරගට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 69 කට ක්‍රීඩා කර තිබේ. කඩුලු 170 ක් දවා ගැනීමට සමත්ව සිටින සුරංග ලක්මාල්, කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.38 ක් ලෙසින් සටහන් වේ. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නෝර්ත් සවුන්ඩ්හිදී පැවැති තරගයේදී ලකුණු 47 කට කඩුලු 5 ඔහුගේ දිවියේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

ඉන්දීය කණ්ඩායමද තමන් සතු හොඳම වමත් දඟ පන්දු යවන්නා වන අක්සාර් පටෙල්ව හදිසියේම දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන තරගයට කැඳ වන ලද්දේ පළමු තරගයට ක්‍රීඩා කරන ලද දඟ පන්දු යවන ජයන්ට් යාදව් වෙනුවට ක්‍රීඩා කරවීමට විය යුතුය.

හෙට තරගය ලංකා වේලාවෙන් පස්වරු 2 ට පැවැත්වීමට සූදානම් කර ඇත.
මැච් එක live බැලීමට 1xlanka.com එකට පිවිසෙන්න .තරගය ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න අනුමාන කර ඇති විශාල ත්‍යාග මුදලකට හිමිකම් කියන්න

සුරංග ලක්මාල් ගේ අවසාන තරගයේ ජය ලංකාවටද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat