ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණු අසුනට ලොකු තරගයක්!!

0
65

ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවීම පසුගිය 14 වැනිදායින් අවසන් වුනා.

30 දෙනෙකු පමණ එම තනතුර සඳහා අයදුම්පත් යොමු කර තිබෙන බව වාර්තා වන අතර ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු ද ඒ අතර සිටින බව වාර්තා වෙනවා.

ඊට අමතරව ඕස්ට්‍රේලියානු, එංගලන්ත, දකුණු අප්‍රිකානු සහ නවසීලන්ත ජාතිකයන් ද එම අයදුම්කරුවන් අතර සිටින බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනට වාර්තා නොවන නමුත්, Lance Klusener, Courtney Walsh, Grant Bradburn වැනි ප්‍රවීණයන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබෙන බව දැන ගන්නට ලැබෙනවා.

වසර දෙකක සිය ධුර කාලය අවසන් වීමෙන් පසුව හිටපු පුහුණුකරු Mickey Arthur නැවතත් සිය මව් රට බලා පිටත් වූ අතර මේ වන විට ඔහු එංගලන්තයේ Derbyshire ප්‍රාන්තයේ ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරනවා.

“ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන නැඟී සිටීමත් එක්ක අපේ කණ්ඩායමේ වටිනාකම වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියත්, මේ වන විට සාර්ථකව පැවැත්වෙන LPL තරගාවලියේ දීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දස්කම් දිහා බලද්දීත්, අපේ ක්‍රීඩකයන්ගේ පැහැදිලි වර්ධනයක් පේන්න තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපේ කණ්ඩායමේ පුහුණුකරුවා වීමට වැඩි දෙනාගේ බලාපොරොත්තුවක් තියෙනවා”, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

එවන ලද අයදුම්පත් සැලකිල්ලට භාජනය කරමින්, ඒවායින් තෝරා ගත් පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමේ වගකීම 6 දෙනකුගෙන් යුත් විශේෂ කමිටුවකට ලබා දී තිබෙනවා.

අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් උපදේශක මණ්ඩලයේ දෙදෙනකු, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් කළමනාකරු, ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්‍ෂ Tom Moody සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු වන මහේල ජයවර්ධන ද මේ විශේෂ කමිටුව සමඟ එක්වීමට නියමිතයි.

තවත් සති තුනකින් පමණ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාම කාර්ය බහුල කාලයක් එළඹෙන

බැවින් හැකි ඉක්මනින් සැලකිල්ලට ගනු ලබන අයදුම්පත් සංඛ්‍යාව අඩු කිරීමටත්, අපේක්‍ෂකයන් සමඟ අන්තර්ජාලය ඔස්සේ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ලියාපදිංචි වීමේ ලින්කුව http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් 1XSL