ශ්‍රී ලංකාවට තායිවානයේ දී රිදී සහ ලෝකඩ පදක්කම් ජයග්‍රහන!Sri Lanka wins silver and bronze medals in Taiwan!
Taiwan Open Athletics Championship 2025

Taiwan Open Athletics Championship මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දස්කම් දක්වමින් ගෙවුණු සතිඅන්තය වර්ණවත් කිරීමට සමත් වුනා.

පසුගිය සෙනසුරාදා (07) දිනයේ දී ආරම්භ වූ මෙම මලල ක්‍රීඩා තරගාවලියේ පළමු ශ්‍රී ලංකා නියෝජනය වූ චමෝද් යෝධසිංහ පිරිමි මීටර් 100 මූලික වටයට සහභාගී වුනා.
මෙහි දී ඔහු විසින් තත්පර 10.29ක කාලයක් වැය කරමින් ඉසව්ව ජය ගැනීමට සමත් වූ අතර, එය මෙම ඉසව්ව තුළ චමෝද්ගේ පෞද්ගලික හොඳම දක්ෂතා අතර පවා සටහන් වන අන්දමේ තරග නිමාවක් බවට පත් වුනා.
සෙනසුරාදා දිනයේ දී මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලද චමෝද්, ඊයේ (08) සිය අවසන් තරගයට සහභාගී වුනා.

මෙහි දී ඔහු විසින් තත්පර 10.38ක කාලයක් වැය කරමින් ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.
ඊයේ දිනයේ දී ලෙසඳු අර්ථවිදු විසින් පිරිමි උස පැනීම ඉසව්වට සහභාගී වුනා. එහි දී ඔහුට සිය පෞද්ගලික දක්ෂතා වෙත සමීප වීමට නොහැකි වුනත්, ඉසව්වේ හය වැනි ස්ථානය හිමි කර ගැනීමට හැකියාව ලැබුණා. මෙහි දී ඔහු විසින් දැක්වූ දක්ෂතාව ලෙස මීටර් 2.05ක උසක් සටහන් වුනා.

තරගාවලියේ එකම ශ්‍රී ලංකා කාන්තා නියෝජනය වූ නදීශා ලේකම්ගේ ද ඊයේ දිනයේ තරග බිමට පිවිසුණු අතර, මෙහි දී ඇය විසින් මීටර් 56.62ක දුරක් හෙල්ල විසි කරමින් සිය ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. මෙය මෙවර තරගාවරය තුළ නදීශාගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වීම විශේෂත්වයක්. එමෙන්ම රිදී පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදු වූ නදීශාට එහි රන් පදක්කම දශම ගණනකින් අහිමි වී ගිය බව ද සටහන් කළ යිතුයි. මෙහි දී ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළ ඉන්දීය ක්‍රීඩිකාව විසින් දැක්වූ හොඳම දක්ෂතාව ලෙස සටහන් වුනේ මීටර් 56.82ක් ලෙසයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.