ශ්‍රී ලංකාවට එන ඕස්ට්‍රේලියා සංචිතය නිකුත් කරයි

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ජුනි සහ ජූලි මාසවල  ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය සහිතව සංවිධානය වන ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියා සංචිතය නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

අන්තර් කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමෙන් පසුව මෑතක දී ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම් ලද Andrew McDonaldගේ පළමු තරගාවලිය මෙය වන අතර ආකෘති තුනේම තරගවලින් සමන්විත මේ සංචාරයේ දී කණ්ඩායම්වල වෙනසක්කම් කිහිපයක් සිදු කර තිබෙනවා.

Pat Cumminsගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයට ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිත අතර එක්දින තරග 5 දී සංචිතයට නායකත්වය දීම සඳහා Aaron Finch තෝරාපත් කර තිබෙනවා.

පසුගිය කාලවකවානුවේ දී තරමක පසුබෑමක ලක් වූ Usman Khawaja සහ Marcus Harris දෙදෙනාම ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ටෙස්ට් සහ එක්දින තරගාවලි සඳහා සූදානම් වීම අරමුණ කර ගනිමින් Cummins විස්සයි විස්ස සංචිතය සඳහා ඇතුළත් කර නොමැති අතර සිය කුළුඳුල් පිය පදවිය අපේක්ෂාවෙන් පසුවන Adam Zampa තරගාවලිය සඳහා සහභාගි වන්නේ නැහැ.

Andrew McDonald අන්තර් කාලීන පුහුණුකරුවෙකු ලෙස නිමා වූ පාකිස්තාන සංචාරය සඳහා සිය සේවය ලබා දුන්නේ Justin Langerගේ ඉවත්ව යාමෙන් පසුවයි. ලෝක ටෙස්ට් ශූරතාවයට අයත් තරගාවලියක් වූ එම පාකිස්තාන සංචාරය ජයග්‍රාහී නිමා කරන්නට ඕස්ට්‍රේලියාව සමත් වුනේ විස්සයි විස්ස තරගාවලිය ද ජයග්‍රහණය කරමිනුයි.

පසුගිය කාලසීමාවේ දී තරමක් කතාබහට ලක්වූ ක්‍රීඩකයෙකු වන Glenn Maxwell සංචිතයේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස සංචාරයට එකතු වෙන්නේ ආකෘති තුනෙන්ම නම් කළ සංචිත සඳහා ස්ථානයක් වෙන්කර ගනිමිනුයි.

ඕස්ට්‍රේලියාව අවසන් වරට ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පැමිණියේ 2016 වසරේ දී වන අතර එහි දී දරුණු පරාජයකට ලක්වෙන්නට ඔවුන්ට සිදු වුනේ 3-0ක දැවැන්ත තරගාවලි පරාජයක් සඳහා උරුමකම් කියමිනුයි. නමුත් එම සංචාරයේ පැවති එක්දින සහ විස්සයි විස්ස තරගාවලි දෙකම ජයග්‍රහණය කරන්නට ඕස්ට්‍රේලියාවට හැකි වුනා.

මෙම සංචාරය ඕස්ට්‍රේලියාව 2022 වසරේ දී සහභාගී වීමට නියමිත විදෙස් තරගාවලි 3න් එකක් වන අතර ඕස්ට්‍රේලියාව ඔක්තෝබර් මාසයේ දී Border-Gavaskar තරගාවලිය සඳහා ඉන්දියාවට සංචාරය කිරීමට නියමිතයි.

Australia A සංචිතය ද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව සිටිනේනේ එක්දින තරග 2ක් සහ සිව්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමටයි.

  • ඕස්ට්‍රේලියා ටෙස්ට් සංචිතය: Pat Cummins (c), Ashton Agar, Scott Boland, Alex Carey, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Steve Smith (vc), Mitchell Starc, Mitchell Swepson, David Warner
  • ඕස්ට්‍රේලියා එක්දින සංචිතය: Aaron Finch (c), Ashton Agar, Alex Carey, Pat Cummins, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Marnus Labuschagne, Mitchell Marsh, Glenn Maxwell, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Mitchell Swepson, David Warner
  • ඕස්ට්‍රේලියා විස්සයි විස්ස සංචිතය: Aaron Finch (c) Sean Abbott, Ashton Agar, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Jhye Richardson, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Mitchell Swepson, David Warner, Matthew Wade

තරග සංචාරය විස්සයි විස්ස තරගාවලියෙන් ආරම්භ වී ටෙස්ට් තරගාවලියෙන් අවසන් වීමට නියමිත අතර සියලු තරග කොළඹ, මහනුවර සහ ගාල්ල නගරවල ඇති ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන:

 දිනයක්‍රීඩාංගණය
පළමු විස්සයි විස්ස තරගයජුනි 7ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි විස්සයි විස්ස තරගයජුනි 8ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
තෙවැනි විස්සයි විස්ස තරගයජුනි 11පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
පළමු එක්දින තරගයජුනි 14පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි එක්දින තරගයජුනි 16පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
තෙවැනි එක්දින තරගයජුනි 19ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
සිව්වැනි එක්දින තරගයජුනි 21ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
පස්වැනි එක්දින තරගයජුනි 24ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
පළමු ටෙස්ට් තරගයජුනි 29 – ජූලි 3ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි ටෙස්ට් තරගයජූලි 8 – 12ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට 1XBET.com සූදානම්, රැඳී සිටින්න 1XBET.com සමඟින්ම.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට 1XBET හා රැඳීසිටින්න​..​

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලංකාවට එන ඕස්ට්‍රේලියා සංචිතය නිකුත් කරයි

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat