රිෂාබ් පාන්ට්ගේ පිතිහරඹය ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයි

සිංහයන්ගේ භාරත සංචාරය!

රිෂාබ් පාන්ට්ගේ පිතිහරඹය ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයි

සිය වැනි ටෙස්ට් තරගයේදී ශතක ලබා ගනිමින් ලෝක පූජනීයත්වයට පත් අතළොස්සට අතරට එක්වීමට බලාපොරොත්තු තබා සිටි හිටපු නායක විරාට් කෝලිව අර්ධ ශතකකයේ මායිමට පැමිණීමට මත්තෙන් දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුවත් රිෂාබ් පාන්ට්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය මැඬලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකිවීම නිසා මොහාලිහි ඇරැඹි පළමු ටෙස්ට් තරගයේ පළමු දිනට ක්‍රීඩාව නතර කර දමන විට පාලනය තමන් සතු කර ගැනීමට ඉන්දියානුවෝ සමත්වූහ.

දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී මැද පෙළින් පැමිණි රිෂාබ් පාන්ට්ගේ වේගවත් පිතිහරඹයේ සහායද ඇතිව පන්දුවාරයකට 4.2 ක වේගයක්ද සමඟින් දිනය නිමා වන විට කඩුලු 6 කට ලකුණු 357 ක් රැස් කරගැනීමට ඉන්දියාවට හැකියාව ලැබිණ. මෙතෙක් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රිෂාබ් පාන්ට් පන්දු 96 කදී ශතකය පෙනි පෙනී දැවී ගියේ ලකුණු 97 කටය.

100 වැනි ටෙස්ට් තරගය ශතකයකින් සරසනු දැක ගැනීම සියැසින් දැක ගැනීමට ක්‍රීඩාංගණට පැමිණි ධරිතාවයෙන් 50% ක ක්‍රීඩා ලෝලීන්ද ඇතුළු කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන්ගේ හදවත මොහොතකට නතර කරන ලද්දේ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් විරාට් කෝලිගේ පිටත ඉන්න සොයා යෑමෙනි. එම පන්දුව කෙසේ කඩුල්ල සොයා ගියේදැයි මඳ වේලාවක් වික්ෂිතව බලා සිටි කෝලි බලාපොරොත්තු භංගත්වයෙන් පිටියෙන් ඉවත් වන විට ශතක සිහිනය තබා අර්ධ ශතකය හෝ සම්පූර්ණ කර ගැනීමට අපොහොසත් වෙමිනි. පිටියේ රැඳී සිටි කාලයේදී පන්දු 76 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා ලකුණු 45 කට සිය ඉනිම හමාර කර ගත්තේ සිය ටෙස්ට් තරග දිවියේ  8000 සීමාව පමණක් ඉක්මවාලීමට සමත්වීමෙනි. ලොව අවම ඉනිම සංඛ්‍යාවකින් එම කඩ  ඉම ඉක්මවා ගිය කෝලි ඉන්දියාව වෙනුවෙන් එම කඩ ඉම පසුකර ගිය 5 වැනි පිතිකරුවාද වූවේය.
ටෙස්ට් තරගය 100 ක් ක්‍රීඩා කළ ඇති ක්‍රීඩකයින් අතළොස්ස අතරින් ශතකයකින් සමරා ඇත්තේ කොලින් කවුඩ්‍රි, ජාවෙඩ් මියැන්ඩාඩ්, ඉන්සමාම් උල්හක්, රිකී පොන්ටිං, ගෝර්ඩ්න් ග්‍රින්ජ්, සහ ජෝ රූට් පමණි. ඔවුන් අතරින් පොන්ටිං ඉනිම දෙකේදීම ශතක වාර්තා කිරීමට සමත්වද්දී රූට් ඉන්දියාවට එරෙහිව ද්විත්ව ශතකයකින් සිය 100 වැනි ටෙස්ට් තරගය (2018) සැමරුවේය.

කෝලිගේ ඉක්මයෑමෙන් ලකුණු 05 ක් ඇතුළත යළි ක්‍රියාත්මක වුණු විශ්ව ප්‍රනාන්දු හනුමා විහාරිගේ කඩුල්ල දවා ගනිමින් තේපානයට පෙර ඉන්දීය පිල ලකුණු 199 කට කඩුලු 4 ක් ලෙස සටහන් කළේය. අනතුරුව පිටියට පිවිසි ඉන්දීය කඩුලු රකින්නා, රිෂාබ් පාන්ට් අනුකම්පා විරහිත පිතිහරඹයක නියැළෙමින් හයේ පහර 4 ක් සහ හයේ පහර 9 කින් ඉන්දීය ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ දැම්මේය.

හය වැනි කඩුල්ල වෙනුවෙන් රවීන්ද්‍ර ජඩේජා සමග එක්වූ පාන්ට් ලකුණු 104 ක් ගොඩ නඟමින් සිටියදී අවසන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින සුරංග ලක්මාල්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙන් පිටියෙන් ඉවත්වූවේය. ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව විස්සයි-20 තරගාවලියේ වීරයා වූ ශ්‍රෙයාස් අයියර් ලකුණු 27 කට දැවී ගියේ.

දිනය නිමා වන විට රවීන්ද්‍ර ජඩේජා ලකුණු 45 ක්ද රවීචන්ද්‍රන් අශ්වින් ලකුණු 10 ක් ද ලබා තරගයේ දෙවැනි දිනය වන හෙට (05 දා) දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්ථාව විවර කරගෙන සිටිති.

දිවා විවේකය වන විට යවන ලද පන්දුවාර 26 දී පන්දුවාරයකට ලකුණු 4.19 ක වේගයක් වන සේ ලකුණු  109 ක් රැස් කරගැනීමට ඉන්දීය පිතිකරුවෝ සමත්වූහ. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගයට පෙර සඳහන් කර පරිදිම අද තරගයට වේග පන්දු යවන්නන් තිදෙනා වන සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර සමඟ අවතීර්ණ වද්දී අනෙක් ප්‍රධාන පන්දු යවන්නා ලෙස ලසිත් ඇඹුල්දෙණිය අවසන් 11 දෙනා අතරට එක්ව සිටිති. ඒ අතරින් දිනයේ පළමු කඩුලු ලාභියා වූයේ ළහිරු කුමාරය.

පුල් පහර එල්ල කිරීමේදී වැඩි රුචියක් දක්වන ඉන්දීය නායකයා ආරම්භයේදී වේගයෙන් ලකුණු රැස් කළේය. ළහිරු කුමාර ක්‍රියාත්මක කරන ලද 10 වැනි පන්දුවාරයේ පුල් පහර වලින් පිට පිට හතරේ පහර දෙකක් එල්ල කළ ෂර්මා එම පහර එල්ල කිරීමට ගොසින්ම දැවී ගියේ ශ්‍රී ලංකාව ඇටවූ උගුලට හසුවෙමිනි. හතරේ පහර එල්ල කළද තම පන්දු යැවීමේ රේඛාව එසේම තබා ගත් ළහිරු කුමාර පෙර පන්දුවලට වඩා තරමක් ග්‍රහණය වැඩි කරමින් ඇඟ තුළටම පන්දුව යොමු කළේය. පහර එල්ල කිරීමේදී වූ කාල ගණනයේ සිදුවූ අතපසුවීම හේතුවෙන් එහි ප්‍රතිඵලය වූයේ ලෝන් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි සුරංග ලක්මාල් අත වෙත එය උඩ පන්දුවක් ලෙසින් ඇදී යෑමයි.

මුලු ලකුණු සංඛ්‍යාව 52 ක් ව තිබියදී නායකයාගේ කඩුල්ල ඉන්දීය පිලට අහිමි වුවත් මායන්ක් අග්‍රවාල්ට එක්වූ හනුමා විහාරි ලකුණු රැස් කිරීමේ කාර්යයේ නිරත විය. කඩුල්ලක් දැවී යෑම නිසා එතෙක් පවත්වාගෙන ආ වේගයද පාලනය කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වද්දී නැවතත් ක්‍රියාත්මක වුණු ලසිත් ඇඹුල්දෙණිය මයාන්ක් අග්‍රවාල්ගේ කඩුල්ල දවා ගනිමින් ඉන්දීය ඉනිම පීඩනයක් ලක් කළේය. කඩුල්ල තුළ ආ පන්දුව පිත්තේ වැදීමට පෙර පා ආවාරණයේ වැදීමෙන් අග්‍රවාල් කඩුල්ල මුවා කළ පිතිකරුවකු ලෙස දැවී ගියේය. දැවී යෑමෙන් අනතුරුව ඒ පිළිබඳව හනුමා විහාරි සමඟ විමසීමක් කළද ප්‍රධාන විනිසුරුගේ තීරණය අභියෝගයට ලක් නොකරම අග්‍රවාල් පිටියෙන් ඉවත්වූවේය.

ඉන්දු-ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමේ සජීවී විකාශනය 1xbet වෙතින්!

රිෂාබ් පාන්ට්ගේ පිතිහරඹය ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයි

රිෂාබ් පාන්ට්ගේ පිතිහරඹය ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයිඅසම්පූර්ණ හෝ ඉක්මන් ලියාපදිංචි වීමක් සමඟ ප්‍රසාද මුදල් බැර නොකෙරේ.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම ✌
ඉහළ ඔට්ටු ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram