මෙවර පළමු පෙළ Tier A පාසල් ක්‍රිකට් බිමේ දක්ෂයෝ

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A පාසල් ක්‍රිකට් තරගාවලිය පසුගිය දා සාර්ථකව නිමා වුනා. එහි දී නොකඩවා දෙවැනි වරටත් ශූරතාවය දිනා ගන්නට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා.

මෙවර තරගාවලියේ පාසල් කණ්ඩායම් 18ක් කාණ්ඩ 3ක් යටතේ තරග වැදුණු අතර මූලික වටයේ තරග අවසන් වූ පසුව ඉන් කණ්ඩායම් 8ක් (ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයන් දෙක බැගින් කණ්ඩායම් 6ක් සහ හොඳම 3 වැනි ස්ථාන අතරින් කණ්ඩායම් 2ක්)  එහි දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තා.

එහි දී කොටහේන සාන්ත බෙනඩික්ට්, ද මැසනොඩ්, කොළඹ මහානාම, සාන්ත ජෝසප්, නාලන්දා, වෙස්ලි, මහනුවර සාන්ත අන්තෝනි, ගාල්ල රිච්මන්ඩ් යන කණ්ඩායම් අතරින් සාන්ත ජෝසප්, මහානාම, රිච්මන්ඩ්, ද මැසනොඩ් යන කණ්ඩායම අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගත්තා.

අවසානයේ දී භානුක මනෝහරගේ නායකත්වයෙන් යුත් රිච්මන්ඩ් විද්‍යාලය පරාජය කළ අපරාජිත සාන්ත ජෝසප් විද්‍යාලය මෙවර Tier A කොටසේ ශූරතාවය දිනා ගනීමට සමත් වුනා.

වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන්

ශෙවෝන් ඩැනියල් – සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලය ශූරතාවය දක්වා මෙහෙය වූ නායක ශෙවෝන් මෙවර Tier A කොටසේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනා.

අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ 18 හැවිරිදි ශෙවෝන් මෙවර තරගාවලියේ ඉනිම් 8ක දී ලකුණු 385ක් ලබා ගත්තේ අර්ධ ශතක 4ක් එල්ල කරමින්.

ශ්‍රී ලංකා 19න් පහළ ලෝක කුසලාන සංචිතය ද නියෝජනය කළ ඔහු නොදැවුණු ඉනිම් 3ක් සමඟ 70.40ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගත්තේ 102.62ක ප්‍රහාරාත්මක වේගයක් ද සමඟිනුයි.

තරගාවලිය පුරාවට 6 පහර 21ක් සහ 4 පහර 22ක් එල්ල කිරීමට වමතින් පිතිකරණයේ නිරත වන ශෙවෝන් සමත් වුනු අතර වෙස්ලි විද්‍යාලයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 85* ඔහුගේ හොඳම ඉනිම බවට පත්වුනා. මීට අමතරව පන්දු යැවීමෙන් ද කඩුලු 12ක් ශෙවෝන්ගේ නමට ඉදිරියෙන් සටහන් වුනා.

විශාර ප්‍රනාන්දු – රිච්මන්ඩ් විද්‍යාලය

තරගාවලිය අනුශූරතාවය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලයේ ආරම්භක පිතිකරු ලෙස විශාර ඉනිම් 7ක දී ලකුණු 294ක් ලබා ගත්තා.

දකුණතින් පිතිකරණයේ නිරත වන විශාර 4 පහර 31ක් සහ 6 පහර 13ක් සමඟ ලබා ගත් මේ ලකුණු ප්‍රමාණවල සාමාන්‍යය 49.00ක් වුනු අතර ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 101.73ක් ලෙස සටහන් වුනා.

ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව පැවති ආරම්භක තරගයේ දී පන්දු 65ක් තුල නොදැවී ලකුණු 87*ක් ලබා ගැනීම ඔහුගේ හොඳම ඉනිම වුනු අතර තරගාවලිය පුරාවට අර්ධ ශතක 3ක් ලබා ගැනීමට විශාරට හැකි වුනා.

රවීන් ද සිල්වා – නාලන්දා විද්‍යාලය

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ සිටි තුන් ඉරියව් දස්කම් දැක්වූ රවීන් මේ තරගාවලියේ ඉනිම් 4ක දී ලකුණු 276ක් ලබා ගත්තා.

ශතකයක් සහ අර්ධ ශතක 2ක් ලබා ගත් රවීන් 92.00ක ද​ල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගැනීමට සමත් වුනේ නොදැවුණු ඉනිමක් ද ක්‍රීඩා කරමිනි.

119.48ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගත් ඔහු රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව පන්දු 81ක දී ලකුණු 104ක් ලබා ගත් අතර එය මෙවර තරගාවලියේ ඔහු දියත් කළ හොඳම ඉනිම බවට ද පත්වුනා.

විනුජ රන්පුල් – නාලන්දා විද්‍යාලය

වයස අවුරුදු 19ක් වන විනුජ ද ශ්‍රී ලංකා 19න් පහළ ලෝක කුසලාන සංචිතය නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

වමතින් පිතිකරණයේ නිරත වන විනුජ වේල්ස් කුමාර විද්‍යාලයට එරෙහිව පන්දු 152ක දී ලකුණු 119ක් ලබා ගැනීමට සමත් වුනා.

60.75ක ද​ල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහිත වුනු විනුජගේ ප්‍රහාරාත්මක වේගය 79.93ක් වුනු අතර තරගාවලියේ දී එක් ශතකයක් සහ අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූවා.

තරින්ද නිර්මාල් – රිච්මන්ඩ් විද්‍යාලය

වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ සිටින විශාරගේ ආරම්භක පිතිකරණ සහයක බවට පත්වුණේ තරින්ද නිර්මාල්.

දකුණත් පිතිකරුවෙක් වන ඔහු ඉනිම් 7ක දී ලකුණු 240ක් ලබා ගත්තේ ලකුණු 40ක ද​ල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහ 67.71ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙනයි. 4 පහර 30ක් සහ 6 පහර 3ක් සමඟ රැස්කර ගත් ලකුණු 240ට අර්ධ ශතක 3ක් ඇතු​ළත්.

වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන්

දුනිත් වෙල්ලාලගේ – සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලයට ශූරතාවය දිනා ගැනීම වෙනුවෙන් කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වූ ක්‍රීඩකයක් ලෙස දුනිත් වෙල්ලාලගේ හැඳින්වීමට පුළුවන්.

ශ්‍රී ලංකා 19න් පහළ නායකත්වය දැරූ වමතින් දඟපන්දු යවන ඔහු ඉනිම් 8ක දී කඩුලු 19ක් දවා ගත්තා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව සිය හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්වූ දුනිත් එහි දී ලකුණු 14කට කඩුලු 5ක් දවා ගත්තා. තරගාවලිය පුරාවට නිලකුණු පන්දුවාර 8ක් සහ 8.11ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් පෙන්වූ ඔහු එක් පන්දුවාරයකට ද​ල වශයෙන් 2.31ක ලකුණු ලබා දීමක් සිදු කළා.

දෙවිඳු කැකිරිදෙනිය – මහානාම විද්‍යාලය

මහානාම විද්‍යාලයේ නායක 19 හැවිරිදි දෙවිඳු කැකිරිදෙනිය මෙවර තරගාවලියේ ඉනිම් 7ක දී කඩුලු 17ක් දවාගෙන දස්කම් දැක්වූවා.

වමතින් දඟපන්දු යවන ඔහු නිලකුණු පන්දුවාර 14ක් සමඟ 11.94ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වුනා.

රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව ලකුණු 21කට කඩුලු 5ක් බිඳ හෙලීම හොඳම දස්කම ලෙස සටහන් කළ දෙවිඳු ද​ල වශයෙන් පන්දුවාරයකට 3.03ක ලකුණු ලබා දීමක් සිදු කරමින් පන්දු යැවීම සිදු කළා.

ශාරෝන් අභිෂේක් – රිච්මන්ඩ් විද්‍යාලය

16 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන ශාරෝන් අභිෂේක් ඉනිම් 7ක දී කඩුලු 16ක් දවාගෙන දස්කම් දක්වමින් මෙවර Tier A කොටසේ වැඩිම කඩුලු ලාභින් අතර තුන්වැනි තැන දිනා ගත්තා.

ශාරෝන් ඉදිරියේ දී පැවැත්වීමට නියමි​ත 19න් පහළ අන්තර් දිස්ත්‍රික් සහ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලි තුල ද දස්කම් අතරට පැමිණීමට හැකියාව ලැබුනහොත් 2024 වසරේ පැවැත්වීමට නියමිත 19න් පහළ ලෝක කුසලාන සංචිතය සඳහා තේරීමට වැඩි අවස්ථාවක් තිබෙනවා.

13.06ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවාගෙන පන්දු යැවූ ශාරෝන්ට එරෙහිව ද​ල වශයෙන් පන්දුවාරයකට 4.21ක ලකුණු ලබා ගැනීමක් සිදුකර තිබෙනවා.

දේශාන් සෙනෙවිරත්න – සාන්ත ජෝසප් විද්‍යාලය

වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නන් 5 දෙනා අතර සිටින එකම වේගපන්දු යවන්නා දේශාන් සෙනෙවිරත්නයි.

දකුණතින් වේගපන්දු යවන ඔහු තරගාවලියේ ඉනිම් 8ක දී කඩුලු 14ක් දවා ගත් අතර නිලකුණු පන්දුවාර 6ක් එයට ඇතුළත්.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව ලකුණු 20කට කඩුලු 3ක් දවා ගැනීම මේ තරගාවලිය තුල දේශාන් දැක්වූ හොඳම දස්කමයි. 14.43ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සඳහා හිමිකම් කියන ඔහුට එරෙහිව ද​ල වශයෙන් පන්දුවාරයකට 4.56ක ලකුණු ලබා ගැනීමක් සිදු කර තිබෙනවා.

සකිඳු විජේරත්න – මලියදේව විද්‍යාලය

කුරුණෑගල මලියදේව විද්‍යාලය නියෝජනය කරන සකිඳු වයස අවුරුදු 19න් ක්‍රීඩකයෙක්.

වමතින් දඟපන්දු යවන සකිඳු ඉනිම් 4ක දී කඩුලු 13ක් දවාගෙන දස්කම් දැක්වූ අතර එහි දී 8.54ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහ නිලකුණු පන්දුවාර 10ක් ක්‍රියාත්මක කිරීමට සකිඳුට හැකියාව ලැබුණා.

ලකුණු 27කට කඩුලු 4ක් දවාගෙන ගුරුකුල විද්‍යාලයට එරෙහිව සිය හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්නුම් කළ සකිඳුට එරෙහිව ද​ල වශයෙන් පන්දුවාරයකට 3.11ක ලකුණු ලබා ගැනීමක් සිදුකර තිබෙනවා.

මෙවර පළමු පෙළ Tier A පාසල් ක්‍රිකට් බිමේ දක්ෂයෝ..

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat