මහේලගෙන් 2022 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගැන ප්‍රකාශයක්.

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

පසුගිය වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින් දැක්වූ පෙරළිකාර දස්කම් වලින් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරාගවලියේ දක්වන දස්කම් බැලූ විට ශ්‍රී ලංකා කණ්ඩායම 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ පෙරළියක් සිදුකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව මහේල ජයවර්ධන ප්‍රකාශ කළා.

2021 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ මූලික වටයෙහි දැක්වූ දස්කම් වලින් අනතුරුව දෙවැනි වටයේ දී බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වූ අතර දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවති තරගවල දී ප්‍රබල අභියෝගයක් ඔවුන්ට ලබාදීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුණා.

එම තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට හැකි වූ අතර කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකගේ නැවත පැමිණීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන්ට හොඳ අභියෝගයක් එල්ල කිරීමට හැකිවෙතැයි තමන් විශ්වාස කරන බව ද මහේල ජයවර්ධන ප්‍රකාශ කළා.

“මම හිතන්නේ පසුගිය වසරේ ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කළා වගේම ඔවුන් ඉතාමත් හොඳින් ආක්‍රමණශීලීව ක්‍රීඩා කළා. ඒ වගේම ඒ කාලයේ තහනමකට ලක්ව සිටි ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සංචිතයට ඇතුළත් වීමට නියමිතයි.”

“භානුක රාජපක්ෂ එහි ඉහළම සිටිනවා. පැතුම් නිශ්ශංක හොඳ ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කළා. ඒ වගේම චරිත් අසලංකත්. මම හිතන්නේ අපිට හොඳ ප්‍රහාරාත්මක පිතිකරණ ලැයිස්තුවක් තියෙනවා.”  

“ඒ වගේම බොහෝ තරුණ ක්‍රීඩකයින් තමන්ගේ දෙවැනි ලෝක කුසලානය බලාපොරොත්තුවෙන් සිටින අතර ඔවුන් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යාමට සිටින වැදගත් ක්‍රීඩකයින්. ඒ වගේම අපි ඉක්මණින්ම වර්ධනය වෙනවා කියලා මම හිතනවා.” යැයි ICC Review වැඩසටහනට සහභාගී වෙමින් මහේල ප්‍රකාශ කළා.

එමෙන්ම Mumbai Indians කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින මහේල ජයවර්ධන මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්වන පෙරළිකාර දස්කම් පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටියි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින සහ විස්සයි  විස්ස කණ්ඩායම් වලට ඇතුළත් වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග දෙවැනි වරට Royal Challengers Bangalore කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් දක්වන අතරවාරයේ භානුක රාජපක්ෂ, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ ද මෙවර ඉතා ඉහළ දස්කම් දක්වමින් සිටිනවා.

“මම හිතන්නේ වනිඳු හසරංග තමයි අපේ ප්‍රධාන තුරුම්පුව වෙන්නේ. ඔහු දැනට ලෝකයේ සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන් එක්කෙනෙක්.” 

“ඒ වගේම දුෂ්මන්ත චමීරත් විශාල දුරක් ඇවිත් තියෙනවා. මම හිතන්නේ දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම දේ පන්දු යැවීමේ බලඇණියයි.වනිඳු සහ චමීර කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පු වෙද්දී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වන මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් සම්පතක්. ඔවුන් එම තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පන්දු යවන්නන් වෙයි.”

“ඒ වගේම සමස්තයක් විදියට ගත්තම මම දැක්කා තවත් ක්‍රීඩකයින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ හොඳින් ක්‍රීඩා කරනවා. ඒ හැමදේම නිරීක්ෂණය කරද්දී අපිට අත්දැකීම් සහිත කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට යවන්න පුළුවන් වෙයි.” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් මහේල ජයවර්ධන ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියක් සඳහා පසුගිය පෙබරවාරි මාසයේ දී ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ අතර එහි දී එක් තරගයක් ජයගනිමින් තවත් තරගයක් සුපිරි පන්දුවාරයක් දක්වා ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුණා.

“ඔවුන් පෙබරවාරි මාසයේ දී ඕස්ට්‍රේලියාවට ගිහින් විස්සයි විස්ස තරග කිහිපයක් ක්‍රීඩා කළා වගේම එහි දී ඔවුන් වගකීම් සහගත දස්කම් දක්වනවා දැකගන්න ලැබුණා. මම හිතන්නේ ඔවුන් තරග කිරීමට සම්පූර්ණයි වගේම ඔවුන්ට විශේෂ දස්කම් තියෙනවා.” යැයි ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගන්නා කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ,

“ඒක ඉතාම අමාරු එකක්. එක හා සමාන දස්කම් දක්වන කණ්ඩායම් හය හතක් සිටිනවා. ඒක අපි අන්තිම ලෝක කුසලානයේ දීත් දැක්කා.”

“ඔබට වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ මව්බිමේ දී ක්‍රීඩා කරද්දී ඔවුන් ගැන කියන්න අමාරුයි. ඔවුන් තමන්ගේ තණතීරු සහ ක්‍රීඩාංගණයන් පිළිබඳව හොඳින්ම දන්නවා. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය යන කණ්ඩායම් ඉහළ මට්ටමින් තරග කරයි” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ICC Review ඇසුරිනි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

මහේලගෙන් 2022 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගැන ප්‍රකාශයක්.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat