පා පන්දුවෙන් ලොව හොල්ලන ශ්‍රී ලාංකික රුවැත්තිය​..​

West Ham United (වෙස්ට්හැම්), Napoli (නාපොලි), Celtic (සෙල්ටික්) වැනි පාපන්දු කණ්ඩායම් අද්දරට හෝ යාම ශ්‍රී ලාංකිකයෙකුට සිහිනයකි.

වෙස්ට්හැම් යනු 1966 එංගලන්ත ලෝක ශූර පාපන්දු නායක බොබී මුවර්ගේ ක්‍රීඩා සමාජයයි. නාපොලි යනු 1986 ආජන්ටීනියානු ලෝක ශූර පාපන්දු නායක ඩියේගෝ මැරදෝනාගේ ක්‍රීඩා සමාජයයි. සෙල්ටික් යනු ස්කොට්ලන්ත අන්තර් සමාජ පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම විදෙස් ක්‍රීඩකයා ලෙස සැලකෙන ස්වීඩන් ජාතික හෙන්රික් ලාසන්ගේ තෝතැන්නයි.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු තරුණියක වන ජසින්තා ගලබඩආරච්චි, ඉහත ක්‍රීඩා සමාජ ත්‍රිත්වයෙහිම කාන්තා කණ්ඩායම් නියෝජනය කළාය. ඇය විසින් මේ වන විටත් සෙල්ටික් ක්‍රීඩා සමාජයේ “වසරේ කාන්තා සෙල්ටික් ක්‍රීඩිකාව” යන සම්මානය දිනාගෙන අවසන් ය. ලෝක මාධ්‍ය විසින් “ජැසින්ටා” ලෙස හඳුන්වන ඇය, ලාංකික අපට පුරුදු හඬින් “ජසින්තා”ය.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි උප නගරයක් වන ඩැන්ඩිනොං හිදී උපන් ජසින්තා වයස අවුරුදු පහේ සිටම පාපන්දු ක්‍රීඩාවට ඇලුම් කළාය. ඒ ඇගේ සහෝදරයින් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙනු දැකීමෙනි. ඇගේ පියා ශ්‍රී ලාංකිකයෙකි. මවගේ ඥාති සබඳතා හේතුවෙන් ඇයට ඉතාලියේ පුරවැසිභාවය ද ඇත.

පාපන්දුව හැසිරවීමේ ඇයගේ දස්කම් කෙතරම් ඉක්මනින් දියුණු වූයේ ද කියතොත්, වයස අවුරුදු 9 දී ම එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් (Manchester United) ක්‍රීඩා සමාජය විසින් ඇයව දස්කම් පර්යේෂණයකට ද ලක්කළේය. පසුව මැන්චෙස්ටර් සිටි (Manchester City) ක්‍රීඩා සමාජය සමඟින් සති අටක පුහුණුවක් ලැබීමට ද ඇයට අවස්ථාව ලැබිණි.

වයස අවුරුදු 15 දී මෙල්බර්න් සිටි (Melbourne City) පාපන්දු කණ්ඩායම හා එක්වූ ජසින්තා 2017 දී ඕස්ට්‍රේලියානු 17න් පහළ කාන්තා පාපන්දු සංචිතයට ද ඇතුළත් විය. පසුව පර්ත් ග්ලෝරි (Pearth Glory) කණ්ඩායමට ක්‍රීඩා කොට, 2019/20 තරග වාරය සඳහා ඇය එංගලන්තය බලා ගියාය. ඒ වෙස්ට්හැම් යුනයිටඩ් ක්‍රීඩා සමාජය වෙතයි. එහි දී සුන්දර සිනහව සහ ඉදිරිපෙළ ප්‍රහාරක ක්‍රීඩිකාවක ලෙස ඇය සතු දක්ෂතා නිසා එංගලන්ත අන්තර් සමාජ කාන්තා පාපන්දු පිටියේ ජනප්‍රියත්වය ඇයට හිමි විය.

ඉන්පසුව ඉතාලියේ නාපොලි ක්‍රීඩා සමාජය විසින් ණය පදනම යටතේ ඇයව වෙස්ට්හැම් ක්‍රීඩා සමාජයෙන් ඉල්ලා සිටියේය. එබැවින් 2020/21 තරග වාරයේ දී ඇය නාපොලි වෙනුවෙන් ක්‍රීඩා කළාය. 2021 දී 19 හැවිරිදි ඇය ස්කොට්ලන්තයේ සෙල්ටික් පාපන්දු සමාජය සමඟින් ගිවිසුම් අත්සන් කරමින් තම පාපන්දු ක්‍රීඩා දිවියේ නව පරිච්ඡේදයට මූලාරම්භය ලබාගත්තාය.

ඉන් තෙවසරකට පමණ පෙර Scottish Women’s Premier League Cup (ස්කොට්ලන්ත කාන්තා ප්‍රීමියර් ලීග් කුසලාන) තරගාවලියේ අවසන් මහා තරගයේ දී සෙල්ටික් කණ්ඩායම, හයිබර්නියන් කණ්ඩායම හමුවේ ගෝල 9-0ක දැවැන්ත පරාජයක් ලැබුවේය.

එහෙත් ජසින්තා එහි පැමිණි පසු ඔවුන් ශූරතාවය දිනා ගත්තා පමණක් නොව, ජසින්තා හට ස්කොට්ලන්ත ක්‍රීඩක එකමුතුව විසින් පිරිනමන “වසරේ ළාබාල ක්‍රීඩිකාව” නම් සම්මානයත්, සෙල්ටික් ක්‍රීඩා සමාජයේ “වසරේ ක්‍රීඩිකාව” යන සම්මානයත් හිමි විය.

Courtesy – The Celtic Star
“වසරේ සෙල්ටික් ක්‍රීඩිකාව” – ජසින්තා ගලබඩආරච්චි

අවසන් මහා තරගයෙන් පසුව Keep up වෙබ් අඩවිය සමඟින් කළ සාකච්ඡාවක දී ඇය පැවසුවේ, ඒක පුදුමාකාරයි” යනුවෙනි.

“පටන් ගත්තු වෙලාවෙදිම කණ්ඩායමක් හැටියට අපි දැනගෙන හිටියා අපි දිනන බව. මොකද, අපි අපිටම කියා ගත්තා අපි මේක දිනනවා කියලා. පැහැදිලිවම කණ්ඩායම් දෙකටම ඕන වුනේ දිනන්න ඒත් ඇත්තටම මට දැනුණා අපට ඒක වැඩියෙන් අවශ්‍ය වුණු බව. ඒගොල්ලන්ට වඩා අපට ඒක ඕන වුනා. අපි සූදානම් වෙලා හිටියා. ආරම්භයේ ඉඳන්ම අපේ මානසිකත්වය වුනේ අපි මේ තරගය දිනනවා කියන එකයි”, ඇය වැඩිදුරටත් කීවාය.

එය සෙල්ටික් කණ්ඩායම විසින් කිසිදිනෙක දිනා නොතිබුණු ශූරතාවයකි. එහෙත් ඇගේ දස්කම් සමඟින් ඉතිහාසය අලුතින් ලියනු ලැබිණි.

වයස අවුරුදු 16 දක්වා ඇය වැඩිපුර ක්‍රීඩා කොට තිබුණේ බාලකයින් සමඟ ය.

පැහැදිලිවම කොල්ලන්ට සැකයක් තිබුණා කෙල්ලෙක් ඒගොල්ලන්ගේ කණ්ඩායමට එනකොට. ඒත් මිනිත්තු 10ක් යද්දී මම ඒගොල්ලන්ගේ ගෞරවය දිනා ගත්තා. තද වෙට්ටු දෙක තුනක් දැම්මා. බෝලේ එහෙට මෙහෙට අරන් ගියා. එතකොට හරි. ඒගොල්ලොන්ට සතුටුයි”, ඇය කියයි.

වයස අවුරුදු 14 දී ඇය විසින් 15න් පහළ ප්‍රීමියර් ලිග් තරගාවලියේ බාලක කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට ඉල්ලීමක් කර තිබුණි. එහෙත් වික්ටෝරියා පාපන්දු සම්මේලනය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබිණි. අගේ දස්කම් ගැන ඇයට තිබූ තක්සේරුව එයයි. වයස අවුරුදු 20 අවසන් වන්නටත් පෙර ලොව හමුවේ ප්‍රදර්ශනය වන්නේ ඒ විශ්වාසයයි.

මගේ දෙමාපියන් ලැබෙන හැම අවස්ථාවක්ම අරන් හොඳටම වැඩ කරන්න කියලා මාව උනන්දු කළා. හැමවෙලේම ඔවුන්ගේ අනුදැනුම ලැබුණු නිසා මට හොඳ විශ්වාසයක් තිබුණා”, ඇය එසේ කියයි.

“මම වෙස්ට්හැම් එකට ආදරෙයි. ඒක මුලින්ම වෘත්තීය පාපන්දු ක්‍රීඩාවට එන කෙනෙකුට හොඳ අත්දැකීමක්. ඒ වගේ කණ්ඩායමක් එක්ක ඉන්න ලැබීමත් පුදුමයක් වගේ. ඒක ලොකු තැනක්. පිරිමි කණ්ඩායම දකින්න ලැබීම, ඔවුන් එක්ක එක ළඟ ඉන්න ලැබීමෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා වගේම ඒ කාලය හොඳට වින්දා”, වෙස්ට්හැම් ක්‍රීඩා සමාජය තුළ දී ලද අත්දැකීම ගැන ඇය කෙටියෙන් පැවසුවේ එවැන්නකි.

ස්කොට්ලන්ත තරගාවලියට පය තැබීමෙන් පසුව සෙල්ටික් කණ්ඩායම වෙනුවෙන් ඇය විසින් ගෝල හතරක් වාර්තා කරනු ලැබිණි. ඇය සිතන ආකාරයට මෙතෙක් ඇයගේ ක්‍රීඩා දිවියේ හොඳම දස්කම් ප්‍රදර්ශනය වූ කාලය එයයි. විශේෂයෙන්ම හයිබර්නියන් කණ්ඩායමට එරෙහිව 60,000ක පමණ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් පිරිසක් ඉදිරියේ ඔවුන් ලද 4-0ක ජයග්‍රහණය ගැන සහ ඉන්පසුව සමාජ මාධ්‍ය ජාලා ප්‍රේක්ෂකයන් නාද නින්නාද කරමින් ජය සැමරීම ඇයට සුවිශේෂී අත්දැකීමකි.

මුලින්ම සෙල්ටික් කණ්ඩායමට එනකොට ඊට හැඩගැහෙන්න මට පොඩි කාලයක් ගතවුනා. ඒත් අපි කොහොමද සෙල්ලම් කරන්න ඕන කියන හැඟීම ආවයින් පස්සේ මම ස්කොට්ලන්තයේ ජීවත් වෙන්න පුරුදු වුනා. ක්‍රීඩිකාවන් එක්ක මිතුරු වුනා. ඒක මට ලොකු පහසුවක් වුනා”, ජසින්තා කියයි.

17න් පහළ සහ 20න් පහළ වයස් කාණ්ඩවල දී ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කර ඇතත් මෙතෙක් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීමේ වරම ඇයට හිමිව නැත. ඇය ඕස්ට්‍රේලියාවේ උපන්නත්, ඇගේ පියා ලාංකිකයෙකු වීම සහ මව ඉතාලියානු/ආජන්ටීනියානු කාන්තාවක් වීම නිසා ඇයට ජාත්‍යන්තර පාපන්දු සඳහා පිවිසීමට විකල්ප කිහිපයක්ම ඇත. ඇයව ආජන්ටිනා කාන්තා කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහා ඇගේ මව ඇයට ස්පාඤ්ඤ භාෂාව ද උගන්වා ඇත.

මම පොඩි කාලේ ඕස්ට්‍රේලියානු ජාතික සංචිතය එක්ක ටික කාලයක් ඉන්න ලැබුණා. 17න් පහළ, 20න් පහළ වගේම ජාතික කණ්ඩායම එක්කත් කඳවුරු කිහිපයක ඉන්න ලැබුණා.”

“ඒත් මට ඉතාලියට හරි ආජන්ටිනාවට හරි ක්‍රීඩා කරන්නත් පුළුවන්. දැනට මට හිතා ගන්න බෑ මොන කණ්ඩායම නියෝජනය කරනව ද කියලා”, ඒ ගැන ඇයට ඇත්තේ විකල්ප පිටාරයකි. එහෙත් ඇය උපන් ඕස්ට්‍රේලියාව ගැන ඇයට හැඟීමක් ඇත.

මම කැමතියි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න. මේ වෙනකම් මම ඒකට ආස කළා. ඒත් දැනට මට හිතා ගන්න බෑ මොන රට වෙනුවෙන් ක්‍රීඩා කරනව ද කියලා. අම්මා නම් ඇත්තටම කැමති මම ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා දකින්නයි. එයා එයාගේ රට ගැන ගොඩක් ඇල්මකින් ඉන්න කෙනෙක්. මාත් එහෙමයි. දැනට මං තීරණය කරමින් ඉන්නවා මම මොනවද කරන්න ඕන කියලා”

ජසින්තා ගලබඩආරච්චි හට ඇත්තේ විකල්ප රොත්තකි. එක් විකල්පයක් හෝ නොමැතිව කනගාටු වන ක්‍රීඩිකාවන් අතරේ බහු විකල්පවලින් එකක් තෝරාගැනීමේ නිදහස සහ අයිතිය ජසින්තා සතුය.

ඒ ඇය විසින් කුඩා කල සිට උපයා ගත් ඉල්ලුමයි. ඒ ඉල්ලුමට නිසි වටිනාකම මේ වන විටත් ඇය තුළින් උත්පාදනය වෙමින් පවතින අතර ඇගේ ජාත්‍යන්තර පාපන්දු ගමනත් කොතැනින් හෝ ආරම්භ වී හිනිපෙත්තටම යන දිනය වන තෙක් ලෝක පාපන්දු ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා කුඩා කුලකයක් වන ශ්‍රී ලාංකික අපි ද බලා සිටින්නෙමු.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

පා පන්දුවෙන් ලොව හොල්ලන ශ්‍රී ලාංකික රුවැත්තිය​..​

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat