නව මුහුණුවරකින් ශ්‍රී ලංකා සංචිතය එළි දක්වයි

0
40
වෙනස්කම් 8 ක් සමඟ නව මුහුණුවරකින් ශ්‍රී ලංකා සංචිතය එළි දක්වයි
වෙනස්කම් 8 ක් සමඟ නව මුහුණුවරකින් ශ්‍රී ලංකා සංචිතය එළි දක්වයි

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ

නව මුහුණුවරකින් ශ්‍රී ලංකා සංචිතය එළි දක්වයි

විවිධ වෙනස්කිරීම් රාශියක් අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව එළඹෙන සිම්බාබ්වේ තරඟ මාලාව සඳහා ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඉදිරිපත් කර ඇත. පෙර වසර අවසානයේ පැවති දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තරඟ මාලාව සඳහා නම් කොට තිබු සංචිතයට සාපේක්ෂව වෙනස්කම් 8 ක් සිදු කොට ඇත. ඒ සඳහා ක්‍රීඩකයන්ගේ දක්ෂතාවට වඩා විවිධ වෙනත් හේතුන් මත මෙම වෙනස්කම් සිදු කිරීමට සිදුව ඇත.

කුසල් පෙරේරා සහ වනිඳු හසරංග සුළු අබාධ මත විවේක ගන්වා ඇති අතර ධනංජය සිල්වා ට තම කුළුදුල් දරුවා වෙනුවෙන් මෙම තරඟාවලියෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇත. LPL තරඟාවලියේ වීරයා අවිශ්ක ප්‍රනාන්දු හට කොවිඩ්-19 වැළඳීම හේතුවෙන් ද, භානුක රාජපක්ෂ ක්‍රීඩා දිවියට සමු දීමට සැරසී සිට, පසුව එය වෙනස් කොට නැවත ක්‍රීඩා කිරීමට තීරණය කිරීම හේතුවෙන් සංචිතයට ඇතුළු වීමට නොහැකි වූ අතර ලහිරු කුමාර නවතම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟ හැරුණි.

මෙම පුරප්පාඩු පිරවීම සඳහා මුලික සංචිතයෙන් ඉවත් කොට තිබු ක්‍රීඩකයන් රාශියක් නැවත ගෙන්වා ඇත. ඒ අතර කුසල් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩර්සේ, නුවන් තුෂාර, ශිරාන් ප්‍රනාන්දු, චාමික ගුණසේකර, දිනේෂ් චන්දිමාල්, නුවන් ප්‍රදීප් සහ කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයන් සිටී.

 නව මුහුණුවරකින් ශ්‍රී ලංකා සංචිතය එළි දක්වයි
MOUNT MAUNGANUI, NEW ZEALAND – JANUARY 03: Kusal Mendis

සම්පූර්ණ සංචිතය:

  1. දසුන් ශානක (නායක)
  2. කුසල් මෙන්ඩිස්
  3. පැතුම් නිශ්ශංක
  4. දිනේෂ් චන්දිමාල්
  5. මිනෝද් භානුක
  6. චරිත් අසලංක,
  7. චාමික කරුණාරත්න
  8. කමිඳු මෙන්ඩිස්
  9. මහේෂ් තීක්ෂණ
  10. රමේෂ් මෙන්ඩිස්ප්‍
  11. රවීන් ජයවික්‍රම
  12. දුෂ්මන්ත චමීර
  13. නුවන් ප්‍රදීප්
  14. තුෂාර
  15. චාමික ගුණසේකර
  16. ශිරාන් ප්‍රනාන්දු

 නව මුහුණුවරකින් ශ්‍රී ලංකා සංචිතය එළි දක්වයි

පළමු එක්දින තරඟය අනිද්දා පල්ලේකැලේදී ක්‍රීඩා කිරීමට සියල්ල සුදානම්!
මෙම තරඟය සඳහා ඔට්ටු තැබීම දැනටම විවෘතයි.

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 

register

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න.

වෙනස්කම් 8 ක් සමඟ නව මුහුණුවරකින් ශ්‍රී ලංකා සංචිතය එළි දක්වයි

දැන්ම සහභාගී වෙන්න   https://1xlanka.com/si/