දක්ෂතා සපිරි ඉන්දියාවේ ආදේශකයක් නොමැති එකම භූමිකාව

බිලියන 1.4කට අධික ජනගහනයකින් සමන්විත වත්මන් ලොව ප්‍රමුඛතම ක්‍රිකට් රාජ්‍යයක් බවට ඇති ඉන්දියාව යනු දක්ෂතා ගොන්නකින් සමන්විත ක්‍රීඩකයන් දහස් ගණනක් සතු දේශයක්.

ඒ අතරින් ලොව අංක 1 විස්සයි විස්ස තරගාවලිය ලෙස අවිවාදයෙන් තොරවම සැලකෙන IPL තරගාවලියේ ක්‍රීඩා කිරීමට අවකාශ උදාවන්නේ එම දක්ෂයින් අතරිනුත් කැපීපෙනෙන හොඳම දක්ෂයින් බව අප හොඳින්ම දන්නා කාරණයක්. ඒ එකිනෙකට වෙනස් ක්‍රීඩක භූමිකා රැසකට ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් අතර විශාල තරගකාරීත්වයක් නිර්මාණය කරමින්.

නමුත් ඉන් කණ්ඩායමට අත්‍යාවශ්‍යම එක් වැදගත් ක්‍රීඩක භූමිකාවක් සඳහා ඔවුන් සතු වන්නේ එකම එක විකල්පයක් පමණක් නම් සහ ඔහු සමඟ කරට කර සිටීමට වෙනත් කිසිඳු ආදේශකයක් පෙනෙන මානයේවත් නොමැති වනවා නම් එයින් පෙන්නුම් වන්නේ අදාල ක්‍රීඩකයාගේ කැපී පෙනෙන සුවිශේෂීත්වයයි.

ඒ Hardik Himanshu Pandya නම් වූ පිතිකරණය මූලික කර ගත් වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයාගේ නැතුවම බැරි භූමිකාවයි.

වත්මන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව සතු සම්පත් අතරින් ඉන්දියාවට ජාත්‍යන්තර මට්ටමට අනුගත විය හැකි,

  1. විශේෂඥ පිතිකරුවන්
  2. කඩුලු රකින්නන්
  3. විශේෂඥ වේගපන්දු යවන්නන්
  4. විශේෂඥ දඟපන්දු යවන්නන්
  5. පන්දු යැවීම මූලික කර ගත් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයින්
  6. පන්දු යැවීම මූලික කර ගත් වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයින්
  7. පිතිකරණය මූලික කර ගත් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයින් වැන්නන් සමඟින්

එකිනෙකට වෙනස් එක් එක් භූමිකා සඳහා ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් අතර නිර්මාණය වී ඇති තරගකාරීත්වය ඉතාමත් වැඩි බව අපට පැහැදිලිව පෙනී යන කාරණයක්. එම තරගකාරීත්වය කොතෙක් ද යන්න පිළිබඳව දළ අදහසක් ලබාගැනීම සඳහා IPL තරගාවලිය පමණක් වුවත් අපට හොඳින්ම ප්‍රමාණවත්.

නමුත් පිතිකරණය මූලික කර ගත් වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයා නම් වූ කාර්‍යභාරය (මැදපෙළ පිතිකරණ ස්ථානයක පිතිකරණයේ යෙදෙමින් සහ 6 වැනි පන්දු යවන්නා වශයෙන් වේගපන්දු යවමින්) ඉටු කිරීම සඳහා මුළුමහත් ඉන්දියාවටම වර්තමානයේ සතු වන්නේ Hardik Pandya නම් වූ තුරුම්පුව පමණක් ම වීම මෙහි දී ඔහුගේ සුවිශේෂීත්වය සහ වැදගත්කම මනාව පිළිබිඹු කරන කාරණයක්.

වත්මන් ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායම් දෙකේ (ODI and T20I) සංයුතියට අනුව ඉහත සඳහන් කළ ඇතැම් භූමිකා කණ්ඩායමට අත්‍යාවශ්‍ය නොවූවත් (අංක 6 හා 7 වැනි භූමිකා) Hardikගේ භූමිකාව ඔවුන්ට නැතිවම බැරි එකක් බවට පත්වන්නේ ඔවුන් බොහෝ විට විශේෂඥ දඟපන්දු යවන්නන් දෙදෙනෙකු සමග ක්‍රීඩා කරන බැවින් (Ravindra Jadeja සහ Yuzvendra Chahal).

එම හේතුව නිසා ඔවුන් 6 වැනි පන්දු යවන්නා වශයෙන් භාවිතා කරන තුන් ඉරියව් ක්‍රීඩකයා පිතිකරණය මූලික කරගත් දඟපන්දු යවන්නෙකු නොව වේගපන්දු යවන්නෙකු වීම ඉතා වැදගත් කාරණයක් බවට පත් වී ඇත්තේ ඒ මඟින් පන්දු යැවීමේ බලඇණියේ විවිධත්වය මෙන්ම කණ්ඩායමේ සමබරතාවය ද සුරැකෙන බැවින්.

Hardik කණ්ඩායමේ නොමැති වූ අවස්ථාවල දී එම භූමිකාව වෙනුවෙන් සඳහා ආදේශ කළ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට පිතිකරණය හා පන්දු යැවීම යන අංශ දෙකෙන්ම අපේක්ෂා කළ මට්ටමින් ස්ථාවරව දස්කම් දැක්වීමට නොහැකි වීම ඔහුගේ කාර්‍යභාරයේ වැදගත්කම ඉස්මතු වීමට බලපෑ ප්‍රධානතම හේතුකාරණයයි.

ජාත්‍යන්තර තරග සඳහා විටින් විට අත්හදා බැලූ Vijay Shankar, Shivam Dube වැන්නන් ඒ දෙඅංශයෙන්ම අසාර්ථක වීම, Venkatesh Iyer වැන්නන් පිතිකරණයෙන් යම් මට්ටමේ සාර්ථකත්වයක් පෙන්වීමට සමත් වූවත් පන්දු යැවීමෙන් අසාර්ථක වීම වැනි කරුණු කාරණා ඊට උදාහරණ විදිහට අපිට මෙතනදි අරගන්න පුළුවන්.

Hardik Himanshu Pandya

ක්‍රීඩක භූමිකාවේ සුවිශේෂීත්වයට අමතරව ඔහු නායකයෙකු වශයෙන් ද වර්තමානයේ දී ඉදිරියට එමින් පවතින්නේ කැපී පෙනෙන නායකත්ව ලක්ෂණ මතු කරමින්. ඒ නිමා වූ IPL තරගාවලියත් සමඟිනි.

අනෙකුත් කණ්ඩායම්වලට සාපේක්ෂව ප්‍රබල ක්‍රීඩක නාමයන් නොමැති ඔහුගේ කණ්ඩායම වූ Gujarat Titans මෙවර IPL ශූරතාවය දක්වා ම ඔහු රැගෙන ගියේ අවම සම්පත්වලින් උපරිම ඵල ප්‍රයෝජනය ලබා ගනිමින්.

ඒ අත්දැකීම් සහිත නවක ක්‍රීඩකයින්ගේ එකතුවක් සමඟින් 2007 විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කර වූ Mahendra Singh Dhoniගේ නායකත්ව ආගමනය අපට නැවත වරක් සිහිපත් කරමින්. ඔවුන් දෙදෙනාම තමන් නායකත්වය දැරූ පළමු තරගාවලීන් එලෙස ජයග්‍රහණය කළේ අවම සම්පත් ප්‍රමාණයක් උපරිම වශයෙන් භාවිතා කරමින්.

Hardikගේ නායකත්වය යටතේ Gujarat කණ්ඩායමේ තිබූ එකමුතුව සහ කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කිරීමට අවකාශ උදාවීම (Teamwork), ඇතැම් තරගවල පන්දු රැකීමේ ස්ථාන වෙනස් කළ ආකාරය, උපක්‍රම සහිතව පන්දු යැවීමේ වෙනස්කම් අවස්ථානුකූලව සිදු කිරීම වැනි හේතුකාරණා නිසා තරග ජයග්‍රහණයට බලපෑ ඇතැම් අවස්ථා නිර්මාණය කරගැනීමට ඔහුට හැකි වූ අතර ඒ මගින් ඔහුගේ කණ්ඩායම විශාල සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත් වුනා.

මේ නිසා අනාගත ඉන්දීය නායකයෙකු වශයෙන් ද ඔහු පෙන්වූ එවන් නායකත්ව ලක්ෂණ ඉන්දීය ක්‍රිකට් අනාගතයට අලුත් බලාපොරොත්තුවත් එක් කළා.

සමස්තයක් වශයෙන් Hardik යනු තවමත් වසර 6ක් පමණක් ජාත්‍යන්තර තරග අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වූව ද එම කෙටි කාලය තුළ දී ඔහු තරගයක් තනිව වුව ද වෙනස් කළ හැකි බවට නොයෙක් වරක් ඔප්පු කර පෙන්වීමට සමත් වූ ක්‍රීඩකයෙක් බව නොරහසක්.

පිතිකරුවකු වශයෙන් සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණය මගින් ඕනෑම මොහොතක ලකුණු වේගය වැඩිකිරීමේ හැකියාව, තරගයේ ස්වභාවයට අනුගත වෙමින් අවස්ථානුකූලව ඇතැම් අවස්ථාවල ඉනිමක් ගොඩනැගීමේ හැකියාව සහ නිමා වූ IPL තරගාවලියේ දී නායකත්වයත් සමඟින් මුසු වූ වගකීම්සහගත පිතිකරණය වැනි අංග ද ඔස්සේ ඔහුගෙන් පිතිකරණ අංශයට ලැබෙන දායකත්වය අතිමහත් ය.

පන්දු යැවීමේ අංශය ඔස්සේ ද විවිධත්වයන් උපයෝගී කරගනිමින් පන්දු යවා බොහෝ තීරණාත්මක අවස්ථාවල දී කඩුලු ලබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණවල හැරවුම් ලක්ෂ්‍යයන් නිර්මාණය කිරීමට ඔහුට හැකි වුනා.

මීට අමතරව ඔහු විශිෂ්ට ගණ්යේ පන්දු රකින්නෙකු වශයෙන් පන්දු රැකීමෙන් ද උපරිම වශයෙන් ලබා දෙන දායකත්වය නිසා ඔහුව පරිපූර්ණ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වශයෙන් නිසැකවම අපට හඳුන්වන්න පුළුවන්.

කෙසේ වෙතත් පහුගිය සමයේ දී ඔහු ක්‍රීඩකයෙක් වශයෙන් සුපුරුදු දක්ෂතා අතර නොසිටිය බව ද අප මෙහි දී පිළිගත යුතු සත්‍යයක්. එමෙන්ම ඔහුගේ ශාරීරික යෝග්‍යතාවයේ ගැටලු සහ ආබාධ තත්වයන් ද පසුගිය වසර දෙක තුළ වරින් වර මතු වීම හේතුවෙන් කණ්ඩායම ඔහුගෙන් අපේක්ෂා කළ තුන් ඉරියව් භූමිකාව වෙනුවට පිතිකරුවකු වශයෙන් පමණක් ක්‍රීඩා කිරීමට ද ඔහුට එම කාලපරිජ්චේදයේ දී සිදු වුනා.

මෙවන් හේතු කාරණා නිසා ඔහුට ඉන්දීය කණ්ඩායමේ මෙන්ම වසර ගණනාවක් ක්‍රීඩා කළ IPL කණ්ඩායම වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ද ස්ථානය අහිමි වුනා. (කෙසේ නමුත් මෙවර IPL තරගාවලියේ පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී කණ්ඩායමකට රඳවා ගත හැකි අවම දේශීය ක්‍රීඩකයින් ගණන 3ක් පමණක් වීම ද ඊට එක් හේතුවක් වුනා.)

නමුත් ඒ සියලු පසුබෑම්වලට නැවතීමේ තිත තබමින් මානසික හා ශාරීරිකව ද යළි නැගී සිටිමින් නැවතත් ඔහු වෙනස්ම ස්වරූපයකින් තරග බිමට අවතීර්ණ වූයේ සිය ක්‍රීඩා දිවියේ දෙවැනි ආගමනය නායකයෙකු වශයෙන් සනිටුහන් කර නවතම පරිච්ඡේදයක් ආරම්භ කරමින්.

බාධක කම්කටොළු රැසක් මධ්‍යයේ තම ක්‍රීඩා දිවියට මුලපිරූ ඔහුට එම කෙටි කාලීන පසුබෑමෙන් නැගී සිටීමේ අභියෝගය ඇතැම් විට මහලොකු කජ්ජක් නොවන්නට ද ඇත.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු ක්‍රීඩකයෙකු වශයෙන් ද නැවතත් එම ආදේශකයක් නොමැති සුවිශේෂී භූමිකාවට පණපොවමින් සුපුරුදු රිද්මයට පිවිසී අත්කරගත් අති සාර්ථකත්වය ඉන්දීය ක්‍රිකට් අනාගතයට අතිශයින් ම සුභ පෙරනිමිත්තක් වනු නොඅනුමාන ය.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

දක්ෂතා සපිරි ඉන්දියාවේ ආදේශකයක් නොමැති එකම භූමිකාව

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat