චරිත් හැඩකල ඉනිම රැකගත් වනිදු බංග්ලාදේශය R.ප්‍රේමදාස පිටියේදී සමතලා කරයි!

සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 77 කින් ජය ගනිමින් තරග තුනකින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, මීට පෙර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පන්දුවට පහර දීමට තෝරාගෙන තිබුණි. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මිලාන් රත්නායක එක්දින තරඟ සඳහා හඳුන්වා දීම විශේෂත්වයකි.

ඉන්පසු කාසියේ වාසිය අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හොඳ ආරම්භයක් නොලැබුණි. ආරම්භක පිතිකරුවෙකු වන පැතුම් නිශ්ශංක ලකුණු ලබා ගැනීමට අසමත් වූ අතර, නිෂාන් මධුෂ්ක ලකුණු 6 ක් ලබා ගත්තේය. මෙයින් පසු කමිඳු මෙන්ඩිස් ලකුණු 29 ක් ලබා ගත් අතර එක් අවස්ථාවකදී ශ්‍රී ලංකාව පැකිලී ගියේ ලකුණු 29 කට කඩුලු 3 ක් අහිමි කර ගනිමිනි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 244ක් ලබා ගත් අතර ප්‍රතිවාදී බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 167ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමට සැබෑ නායකත්වයක් ලබා දුන් නායක චරිත් අසලංක 9 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 106ක් ලබා ගත්තා. එය චරිත් අසලංක තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ වාර්තා කරන ලද සිව් වැනි ශතකයයි.

කඩුලු දවා ගැනීමේ දී වනිඳු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව කමිඳු මෙන්ඩිස් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර මහීෂ් තික්ෂණ සහ අසිත ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.