කැපවීම සහ භක්ත්‍යාදරය විසින් නිමැ වූ ඩේවිඩ් මිලර්

ඔහුට වයස අවුරුදු 3ක තරම් කාලයේ දී ඔහුගේ පියා, ඇන්ඩෲ මිලර් ඔහුට ප්ලාස්ටික් ගොල්ෆ් කට්ටලයක් තෑගි කළේය. ඇන්ඩෲ කුඩා ගොල්ෆ් පිත්ත අතට ගත් කුඩා ඩේවිඩ් දෙසට ගොල්ෆ් බෝලයක් තල්ලු කර හැරියේය.

සිදු වූයේ පුදුමයකි. කුඩා ගොල්ෆ් පිත්තෙන් ගොල්ෆ් පන්දුව ඇන්ඩෲගේ හිසට ඉහළින් යන පරිදි ඩේවිඩ් වේගවත් පහරක් එල්ල කළේය.

මං බලාපොරොත්තු වුනේ එයා එයාගෙ වයසේ ළමයෙක් කරන විදියට හරහට ස්විං කරයි කියලා. මගෙ ඔළුවටත් උඩින් ගහන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නෑ”, ඇන්ඩෲ මිලර් Indian Express හමුවේ එසේ කීය.

ඩේවිඩ් උද්දාමයෙන් කෑගැසුවේය. එවිට ඔහුගේ මව, පියා වූ ඇන්ඩෲට පැවසුවේ, සමහර විට එම පහර නොසිතා එල්ල වූවක් විය හැකි බැවින් ඩේවිඩ් හට තවත් අවස්ථාවක් දී බැලිය හැකි බවයි.

“ඒ නිසා මම තව පාරක් බෝලේ කලින් තැනටම තල්ලු කළා. ප්‍රතිඵලය ඒකමයි. කෙලින්ම මගේ ඔළුවටත් උඩින්”, ඇන්ඩෲ කිවේය.

ඒ වෙලාවේම මං මගේ නෝනට කිව්වාමෙයා කවදාහරි දකුණු අප්‍රිකා කණ්ඩායමට සෙල්ලම් කරයි කියලා. ඒක අනාවැකියක් කියලා මං ඒ වෙලාවේ හිතුවේ නෑ. ඒත් ඒ සිතුවිල්ල නිකංම මගේ හිතට ආවා.” එදින ඇන්ඩෲගේ මුවින් පිටවූ වදන් මේ වන විට යථාර්ථයක් වී ඇතුවා පමණක් නොව, ලොව භයානකම තරග අවසන් කරන්නෙකු ලෙස ඩේවිඩ් මිලර් නම් දරා සිටියි.

වයසින් වැඩෙත්ම ඩේවිඩ් තම ගොල්ෆ් ආම්පන්න පසෙක දමා පියාගේ ක්‍රිකට් පිත්ත අතට ගත්තේය. පියා ඇන්ඩෲ තරග අශ්වයන් වෙන්දේසි කරන්නෙකු වූ බැවින් දකුණු අප්‍රිකාවේ නේටල් පළාතේ ක්‍රිකට් පද්ධතිය සමඟ ඔහුට සම්බන්ධකම් තිබුණි. නේටල් වෙනුවෙන් ලිස්ට් A තරග ද (දේශීය එක්දින තරග) ක්‍රීඩා කොට ඇති ඇන්ඩෲ තම පුත්‍රයා ඩේවිඩ්ව ක්‍රිකට් පුහුණුවීම් සඳහා රැගෙන ගියේය.

ඩේවිඩ්ව ක්‍රිකට් ක්‍රීඩාව වෙත තල්ලු කරනවාට වඩා ක්‍රිකට් ක්‍රීඩාව ඩේවිඩ් වෙතට තල්ලු වී ආවේය.

හැමදේම බලපෑමකින් තොරව සිදු වුනා. එයා හැදුණේ වැඩුණේ ගොඩක් ක්‍රිකට් ක්‍රීඩකයන් සිටින සහ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතාබහ වෙන පරිසරයක. සමහරු පුහුණුකරුවන්සමහරු ඒ වෙනකොට ක්‍රීඩා කරමිනුත් හිටියා. ග්‍රැහැම් ෆෝඩ් (හිටපු ශ්‍රී ලංකා පුහුණුකරුවෙක්)රොබින් ස්මිත් (එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළේය) සහ හැරී බ්‍රවුන් (ඇන්ඩෲගේ පුහුණුකරු) වගේ”, ඇන්ඩෲ කිවේය.

පීටර්මරිට්ස්බර්ග් හි ජීවත් වූ මිලර් පවුලේ නිවසට සවස් යාමයේ දී මධුපාන රස විඳින ක්‍රිකට් ක්‍රීඩකයන් එක්වීම පුරුද්දක්ව තිබුණි. ඩේවිඩ්ව ක්‍රිකට් ක්‍රීඩාවට ගැළපෙන පාසල් වලට යොමුකිරීමට ද ඇන්ඩෲ උත්සාහ කළේය.

මිඩ්ලන්ඩ්ස් හි ක්ලිෆ්ටන් විද්‍යාලයට ඔහුව ඇතුළත් කිරීමෙන් පසුව ඔහු වයස අවුරුදු 10 දී ම පන්දු 50කින් ශතකයක් රැස්කළේය. ඉන්පසුව ඔහු ඇතුළත් වුනේ මරිට්ස්බර්ග් විද්‍යාලයටයි. එය කෙවින් පීටර්සන්ගේ ද පාසලයි.

ඩර්බන් නුවරට පදිංචිය සඳහා යන විට ඇන්ඩෲ තම පුත් ඩේවිඩ්ව ද රැගෙන ගියේ ග්‍රැහැම් ෆෝඩ්ගේ පුහුණු පාඨමාලාවන් සඳහා ඔහුව ඇතුළත් කිරීමේ අදිටනිනි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් පිටත වෙනත් සැලසුමක් ඩේවිඩ් හට නොතිබිණි.

“ක්‍රිකට් විතරයි. එයා සම්පූර්ණයෙන්ම තමන්ගේ ක්‍රීඩාවට කැපවී හිටියා. අපි කවදාවත් වෙන සැලසුමක් ගැන කතා කරලවත් නැහැ”, ඇන්ඩෲ  පැවසුවේය.

පරිසරය සහ කැපවීම එක්වූ කල ඩේවිඩ්ගේ ක්‍රිකට් දස්කම් නැග ආවේය. ඔහු සෑමවිටම වයසින් තමන්ට වඩා වසර කිහිපයක් ඉදිරියෙන් සිටි කණ්ඩායම්වලට එක්විය. දිනක් ඇන්ඩෲ සහ ඩේවිඩ් පිය පුතු දෙදෙනා ක්‍රීඩා සමාජ තරගයක් සඳහා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසුණේය. තරගය පැවැත්වුණේ ඔහුගේ පියාගේ වයසේ ක්‍රීඩකයන් අතර ය. ඒ වන විට අවුරුදු 13ක වයසක වූ ඩේවිඩ් ගැන ඇන්ඩෲ හට කිසිදු සැකයක් නොතිබිණි. ඔහුට තිබුණේ වෙනත් ගැටලුවකි.

මං මගේ නෝනට කියලා තිබුණා මගේ පුතා ක්‍රීඩා සමාජ තරග සෙල්ලම් කරන දවසෙම මම ක්‍රීඩා සමාජ තරගවලින් අයින් වෙනවා කියලා. දැන් එයා අහනවා මගෙන් රිටයර් වෙන්නෙ නැද්ද කියලා. මම කිව්වා මම කිව්වේ දෙවැනි පුතා ගැන (ඩේවිඩ්ගේ බාල සොයුරු) කියලා”, ඇන්ඩෲ පවසන්නේ විනෝදයෙනි.

මම අවුරුදු 47 වෙනකම් ක්‍රීඩා කළා. පුතත් (ඩේවිඩ්) එක්ක හොඳ සබඳතා කිහිපයක්ම පවත්වලත් තියෙනවා. ඒත් එයා ආස කළේ කෙලින් පහරවල් එල්ල කරන්න. මම ආස වුනේ කව් කෝනර් (මිඩ් විකට්) එකට”, ඇන්ඩෲට සිනහ නැගුණි.

ඩේවිඩ් තමන්ට වඩා වයසින් මුහුකුරා ගිය ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කළ එකම අවස්ථාව එය නොවේ.

මරිට්ස්බර්ග් සහ සාන්ත ජෝන් කණ්ඩායම් අතර පැවැත්වුණු 19න් පහළ තරගයක දී ඩේවිඩ්ගේ පපුවෙහි වේගපන්දුවක් වැදිණි. ඒ වන විට ඩේවිඩ්ගේ වයස අවුරුදු 14කි.

මගේ ලෝකෙ කැරකිලා ගියා වගෙයි. අවුරුදු 14ක ළමයෙක් 19න් පහළ තරගයකට යවනවට ඉස්කෝලේ පාලකයොත් කැමති වුනේ නැහැ.” එවකට ඩේවිඩ්ගේ පුහුණුකරු මයික් බෙෂට් ඒ මොහොත සිහිකළේය.

“ඊටත් වඩා ඔහු ආරම්භක පිතිකරුවෙකු හැටියට ශක්තිමත් කණ්ඩායමකට එරෙහිව තමයි ක්‍රීඩා කරමින් හිටියේ. මට වැරදුනාවත් ද කියලා මම හිතුවා”, බෙෂට් කීවේය.

පන්දුව වැදී මොහොතකට පසුව පුහුණුකරු සහ අනෙකුත් කාර්ය මණ්ඩලය කල්පනා කරමින් සිටියේ ඩේවිඩ්ව රෝහලට ගෙන යා යුතු ද යන්න ගැනයි. එහෙත් සුළු මොහොතකින් ඔහු නැගී සිටියේය. සිසිල් පැන් පානයක් අතරතුරත් පුහුණුකරු බෙෂට්, ඩේවිඩ්ගෙන් විමසුවේ ඔහුට පිතිකරණයේ යෙදිය හැකි ද යන්නයි.

එයා මගෙ දිහා කට කොනකින් හිනාවේගන බලන් හිටියා. මං හිතන්නෙ එයාගේ හිතේ ඒ පන්දුව තිබුණා”, පුහුණුකරු බෙෂට් කීවේය.

පැයකට පමණ පසු ඔහු නැවත ක්‍රීඩාගාරයට පැමිණියේ පුහුණුකරුගේ සහ සෙසු ක්‍රීඩකයන්ගේ අත්පොළසන් මැදිනි.

අන්න ඒ මොහොතේ මම දැන ගත්තා ඔහුගේ දෛවයේ ලියවිලා තියෙන්නේ ලොකු දේවල් ගැනයි කියලා”, පුහුණුකරු බෙෂට් සිහිකළේය.

දක්ෂකම විතරක් නෙමෙයිඔහු හරිම නිහතමානී සහ අධිෂ්ඨානශීලී කෙනෙක්. ඔහුගේ ස්වාභාවික ක්‍රීඩාශීලී බව සහ ශක්තිමත් බව එක්ක වයසින් වැඩෙද්දී ඔහුට පුළුවන් වුනා ලොකු පහරවල් ගහන්න. ඔහුට අංශක 360ම පහරවල් තිබුණා. ප්‍රතිවාදියෝ එයාගේ විකට් එක ගත්තා කියන්නේ ඉතාම වටිනා දෙයක් බවට පත්වුනා. මේ කියන්නේ T20 තරග ජනප්‍රිය වෙන්නත් කලින්”, ඔහු සිහිකළේය.

ඇතැම් විට ඔහු ගැන දරදඬු තීරණ ගැනීමට අවස්ථාවන් ද උදා වූ බව බෙෂට් හට මතක ය.

මම එයාගේ පාසල් බෝඩිමේ පාලකයා. අන්තිම අවුරුද්දේ දී දෙපාරක් බෝඩිමෙන් පැනලා මට අහුවුනා. දෙවැනි පාර අවුරුද්දේ අන්තිමට වගේ. ඒ නිසා ඔහුට බෝඩිමෙන් යන්න වුනා”, ඔහු කීවේය.

ඉන් සය වසක් ඉක්ම යන විට ඩේවිඩ් මිලර් යනු දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම පැලඳි, එංගලන්තයේ යෝක්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ, IPL හි පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ඉහළ මුදලකට අලෙවි වූ පිතිකරුවෙකු බවට පත්ව තිබුණි. 2012 IPL තරගාවලියේ දී ඔහු පන්දු 38කින් ලකුණු 101ක් රැස්කළේය.

මේ වන විට ඔහු ලොව ප්‍රමුඛ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. තරග අවසන් කරන්නෙකි. 20-20 ජාත්‍යන්තර තරග කිසිවක දී ඔහු මෙතෙක් ලකුණු 0කට දැවී ගොස් නැත. ලොව එක්දින ක්‍රිකට්වල පස්වැනි කඩුල්ලේ හොඳම සබඳතාවේ එක් පුරුකකි. ලොව වේගවත්ම 20-20 ජාත්‍යන්තර ශතකයේ හිමිකරු ය. බංග්ලාදේශයට එරෙහිව 2017 දී ඔහු පන්දු 35කින් ශතකය පසුකළේය.

2022 IPL තරගාවලියේ ශූරයන් වූ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රධානතම තරග අවසන් කරන්නා ලෙස ඔහු කළ රාජකාරිය මහත් ය. Killer-Miller ලෙස හඳුන්වන ඔහු ලොව වේගවත් සහ ජනප්‍රිය පිතිකරුවෙකි. මේ සියල්ල පිටුපස ඔහුගේ කැපවීමත්, වැඩිහිටි භක්තියත්, නිහතමානීකමත් රුකුල් ලා ඇත.

ඔහු කුඩා කල පටන් විශ්වාස කළ වාක්‍ය ඛණ්ඩයක් ඇත.

“If it’s in the V’s, it’s in the trees. If it’s in the arc, it’s out of the park”

“V එක” යනු ක්‍රිකට් පිටියේ ලෝන්ග් ඔන් හි සිට ලෝන්ග් ඕෆ් දක්වා වූ කලාපයයි. ඒ කලාපයට පහර දීමට පන්දුවක් ලැබුනහොත් එය පිටියෙන් ඉවත ගස් මතටම එල්ල කළ යුතු බව ඔහුගේ පියා විසින් ඔහුට උගන්වා ඇත. එමෙන්ම ස්වභාවිකව පිත්ත වැනිය හැකි සීමාවට ලැබෙන පන්දු පිටියෙන් ඉවතට යොමු කළ යුතු බව ද ඔහුගේ දර්ශනයයි.

එබැවින් එහි සිංහල අදහස වන්නේ,

“V එකට දැම්මොත්, බෝලෙ නවතින්නේ ගස්වලයි, ආක් එකට දැම්මොත් බෝලෙ නවතින්නේ එළියෙයි.”

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

කැපවීම සහ භක්ත්‍යාදරය විසින් නිමැ වූ ඩේවිඩ් මිලර්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat