ඉන්දීය නායිකාවගෙන් ශ්‍රී ලංකා සංචාරය ගැන ප්‍රකාශයක්

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය නවක වේගපන්දු යවන ක්‍රීඩිකාවන් හට සිය දක්ෂතා පෙන්වීමට හොඳ අවස්ථාවක් සහ සුදුසුම කාලය බව ඉන්දීය කණ්ඩායමේ නව නායිකා Harmanpreet Kaur ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා තරගාවලියට පිටත්ව යෑමට පෙර ඉන්දීය නායිකාව සහ පුහුණුකරු ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කළ අතර ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සහ ලබන වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට සිය කණ්ඩායම සූදානම් කිරීමයි.

මෙම තරගාවලියට නම් කළ කණ්ඩායම සඳහා Jhulan Goswami, Shikha Pandey සහ Sneh Rana යන ක්‍රීඩිකාවන් ඇතුළත් නොවීම පිළිබඳව කතාබහට ලක්වූ අතර Rana විවේක ගැන්වූ බව සහ අනෙක් ක්‍රීඩිකාවන් කණ්ඩායමෙන් ඉවත් කළ බවට ඉන්දීය කාන්තා කණ්ඩායමේ පුහුණුකරු Ramesh Powar ඉඟියක් ලබා දී තිබුණා.

මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් නව ඉන්දීය නායිකාව ප්‍රකාශ කළේ,

“මම අපේ පන්දු යැවීමේ අංශය පිළිබඳව කතා කළොත් මේ ඔවුන්ට සිය වගකීම භාරගන්න ඕන කාලය වගේම දස්කම් දැක්වීමට මෙම සංචාරය හොඳ අවස්ථාවක්. අපි වගකීම භාරගෙන සම්පූර්ණ පන්දුවාර යවන්න ඕන.

මට අනුව මෙය හොඳ කණ්ඩායමක් ගොඩනැගීමට හම්බවෙන විශාල අවස්ථාවක්. ශ්‍රී ලංකා සංචාරය අපිට ලේසි එකක් නෙවේ. අපි සැලසුම් කරන දේ හරියට කිරීමයි වැදගත්. කණ්ඩායමකින් අපි බලාපොරොත්තු වෙන්නෙත් ඒකයි”

එමෙන්ම තරගාවලිය පිළිබඳව අදහස් දැක්වූ ඉන්දීය පුහුණුකරු Ramesh Powar ප්‍රකාශ කළේ මෙම සංචාරය තරුණ ක්‍රීඩිකාවන්ට දස්කම් වර්ධනය කරගැනීමට දොරටු විවර කරන බවයි.

“ඔබ සංක්‍රාන්ති කාලසීමාවක සිටින විට නවකයන්ට දස්කම් දක්වමින් සිය ස්ථාන තහවුරු කරගැනීමට අවස්ථාවක් ලබා දෙන්න ඕන. ඒ සඳහා කාර්ය මණ්ඩලයක් ලෙස අපි ඔවුන් සමඟ එකඟ වෙන්න ඕන වගේම අනෙකුත් පුහුණුකරුවන් හරහා ඔවුන්ට සහය ලබා දෙන්න ඕන. නවකයන්ට සිය අවස්ථාව අරගෙන ඉදිරියට යන්න හොඳම කාලය මේකයි.“

මාර්තු මාසයේ පැවති කාන්තා ලෝක කුසලානයෙන් පසුව ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වන අතර ඔවුන් එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වුණා.

එමෙන්ම ඉන්දීය සුපිරි ක්‍රීඩිකා Mithali Raj ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව ඔවුන් සහභාගී වන පළමු තරගාවලිය මෙය වන අතර දශක දෙකකට පමණ පසුව ඇය කණ්ඩායමේ නොසිටින පළමු අවස්ථාව මෙයයි.

එමෙන්ම ලෝක කුසලානය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ඉදිරියට පැමිණෙන නිසාවෙන් එයට ඇති සැලසුම් පිළිබඳව ද ඉන්දීය නායිකාව අදහස් දැක්වුවා.

“විස්සයි විස්ස තරගවල දී අපේ හොඳම සංචිතය ක්‍රීඩා කරමින් ඔවුන්ට උපරිම තරග ගණනක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. එක්දින ලෝක කුසලානයට සූදානම් වීමට අපිට කෙටි කාලයක් ඇති නිසා හැම කෙනෙක්ටම අවස්ථාවක් ලබා දෙන්න අපි උත්සහ කරනවා”.

එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා තරගාවලිය ජුනි 23 වැනිදා ආරම්භ වීමට නියමිත තර සියලූම තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Espncricinfo ඇසුරිනි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ඉන්දීය නායිකාවගෙන් ශ්‍රී ලංකා සංචාරය ගැන ප්‍රකාශයක්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රේණිගත කිරීම් පසෙක දමා ශ්‍රී ලංකාවෙන් ටර්ක්මෙනිස්තානයට සැර පහරක්!

ශ්‍රේණිගත කිරීම් පසෙක දමා ශ්‍රී ලංකාවෙන් ටර්ක්මෙනිස්තානයට සැර පහරක්! 2027...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

හොදම Articles

Popular Categories

Telegram