ආරාධිත විස්සයි -20 ශූරතාව රෙඩ්ස්ට ද..? බ්ලූස්ට ද…? තීරණය අද

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

ලීග් තරග වටයේ අවසන් දිනයේ පැවැති තරගකාරී බව අතුරින් බ්ලූස් පිල

සමග අවසන් මහ තරග අවස්ථාව දිනාගත්  කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම ආරාධිත පන්දුවාර විස්සයි -20 ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලාන වෙනුවෙන් අද (15 දා) රාත්‍රීයේදී උරෙනුරට ගැටෙනු ඇත . ප .ව . 7.30 ට ආරම්භ වන

දෙපිළ අතර මෙම අවසන් මහ තරගයේදී මූලික වටයේ ලද පරාජයේ වාඩුව ගැනීමට බ්ලූස් කණ්ඩායමට හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබේ .

බ්ලූස් කණ්ඩායම සතු කණස්සල්ලටම ඇති එකම හේතුව වන්නේ නායක චරිත් අසලංක අසනීපව සිටීමයි.

එම තත්ත්වය මත ඔහුට මූලික තරග වට‌ය යටතේ රෙඩ්ස් පිලට එරෙහි තීරණාත්මක තරගයේදී කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව අහිමිවිය. ‌

එබැවින් බ්ලූස් පිල මෙහෙයවන ලද්දේ ධනංජය ද සිල්වා විසිනි.

මේ අතර කසුන් රජිත ද ආබාධයකට ගොදුරුවී තිබෙන බැවින් හෙට තරගයේදී බොහෝ විට ඔහුගේ සේවයද බ්ලූස් පිලට අහිමිවීමේ වැඩි ඉඩ කඩක් නිර්මාණය වී තිබේ .

මූලික වටය යටතේ පැවැති තරග 3 අතුරින් ජයග්‍රහණ 2 බැගින් වාර්තා කර ඇති බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම් අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීමට සමත්වූහ . මූලික වටයේ දෙපිළ මුණ ගැසුණු තරගයට පෙර බ්ලූස් පිල තරගාවලියේ අපරාජිත කණ්ඩාඉම ලෙසින් රෙඩ්ස් පිලට එරෙහි තරගයට සහභාගිවීය .

එහෙත් රෙඩ්ස් නායක කුසල් පෙරේරා සහ වනිදු හසරංගගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් බ්ලූස් කණ්ඩායමට ලකුණු 33 ක පරාජයක් අත්විඳීමට සිදුවූවා පමණක් නොව එතෙක් පවත්වාගෙන ආ අපරාජිත භාවයද බිද වැටිණ .

බ්ලූස් කණ්ඩායම දැනට මුහුණ දී සිටින ප්‍රධානතම ගැටළුව වන්නේ රෙඩ්ස් කණ්ඩායම සතු ප්‍රබල පන්දු යැවීම හේතුවෙනි .

ලොව හොඳම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගට අමතරව තරගාවලිය අතරතුරදී විිිිිි- 20 තරග අංශයේ දක්ෂතා මැන බැලීම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරියවද රෙඩ්ස් කණ්ඩායමට එක් කර සිටියි.

ඔවුන් දෙදෙනාට අමතරව මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කමිඳු මෙන්ඩිස් සහ සහන් ආරච්චිගේ යන දඟ පන්දුවෙන් රෙඩ්ස් ශක්තිමත් කරති .

පිතිකරණයෙන් කුසල් මෙන්ඩිස්,

භානුක රාජපක්ෂ, ලසිත් කෲස්පුල්ලේ පිතිකරුවන්ගේ වගකීම ඉටු කිරීමට ඉදිරියෛන්ම සිටිති. මෙතෙක් පැවැති තරග වලදී පිතිකරුවන් පස් දෙනෙකු පමණක් අර්ධ ශතක වාර්තා කිරීමට සමත්ව සිටින පසුබිමකදී ඊට හිමිකම් කියන දෙදෙනෙකුම රෙඩ්ස් කණ්ඩායම සතුවීම කැපී පෙනෙයි.

ලසිත් කෲස්පුල්ලේ තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභියා බවට පත්වීමට සමත් වද්දී කුසල් මෙන්ඩිස් මෙතෙක් පිතිකරුවකු ඉනිමක

රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව (86)වාර්තා කිරීමට සමත්ව සිටින්නේය.

එම ඉනිම ප්‍රධාන කොට මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්ව සිටියි.

තරග 3 කට සහභාගිව සිටින මෙන්ඩිස් රැස් කර ඇති මුලු ලකුණු සංඛ්‍යාව 104 කි.

බ්ලූස් කණ්ඩායමේ අෂේන් බණ්ඩාර තරග 3 කදී ලකුණු 94 ක් රැස් කරමින් එම සටහනේ සිව්වැනි ස්ථානයට පත්ව සිටියි.

රෙඩ්ස් කණ්ඩායමේ අසිත ප්‍රනාන්දු මෙම තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත්ව සිටියි.

තරග 3 කට සහභාගිව සිටින අසිත බිද හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 8 කි.

ඔහුට පිටුපසින් ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 5 ක් දවා ගනිමින් රැදී සිටියි.

චරිත් අසලංක සහ කසුන් රජිත හැරුණු කොට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකද පළමු තරගයට සහභාගිවීමෙන් පසු බ්ලූස් කණ්ඩායමට අහිමිවීම දැවැන්ත පාඩුවකි. අවසන් මහ තරගයට ඇතැම් විට ඔහුගේ සහභාගිත්වය බ්ලූස් පිල බලාපොරොත්තු වනවා නොඅනුමානය .

මෙම තත්ත්වය නිසා ඉදිරි පෙළ පිතිකරු සදීර සමරවික්‍රම සහ ධනංජය ද සිල්වා වෙත පිතිකරණයේ වැඩි වගකීමක් හිමිවනු ඇත.

තරමක් ලකුණු අතර සිටි අෂේන් බණ්ඩාර මැද පෙළින් හොද සහායෝගයක් ලබා දීමට චාමික කරුණාරත්න සමත් වුවහොත් හෙට තරගයේදී කුසලාන පිළිබඳ වැඩි බලාපොරොත්තුවක් තබා ගැනීමට බ්ලූස් පිලට අවස්ථාව හිමිවනු ඇත.

ජාතික කණ්ඩායමේ තරු රැසක් පිරිවරමින් පැවැත්වෙන

මෙම අවසන් මහ තරගය කිසිදු මුදල් අය කිරීමකින් තොරව පැවැත්වෙන බැවින් තරගය නැරඹීමට බලාපොරොත්තු වන සියල්ලන්ටම ක්‍රීඩාංගණයට පැමිණ නරඹන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ගෞරවයෙන් ආරාධනා කර සිටියි .

SLC ආරාධිත විස්සයි විස්ස

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි.

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි. 2025 ACC පිරිමි ආසියානු...

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ 2025...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat