අවිශ්කගේ ශතකයත් සමඟ Jaffna අවසන් මහා තරඟයට -චාමිකගේ වෙහෙස වතුරේ යයි

0
64
JAFFNA කණ්ඩායම
Qualifier 02 තරඟය ලකුණු 23 කින් ජයගැනීමට JAFFNA කණ්ඩායම සමත් විය

තරඟාවලියේ ප්‍රභලම කණ්ඩායම වන JAFFNA කණ්ඩායම Qualifier 01 හි ලද අමිහිරි පරාජය අමතක කරමින්, අද හම්බන්තොට දී දඹුල්ල සහ ජැෆ්නා අතර පැවති Qualifier 02 තරඟය ලකුණු 23 කින් ජයගැනීමට JAFFNA කණ්ඩායම සමත් විය. එහිදී පිත්තෙන් ලකුණු 100 ක් ලබාගැනීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් විය. තරඟාවලියේ ප්‍රථම ශතකය ලෙස මෙය සනිටුහන් වී ඇත. ජැෆ්නා ඉනිමේ විශේෂත්වය වන්නේ, මුළු ලකුණු 210 න් 170 ක් ම ගුර්බාස් සහ අවිශ්ක එක්ව ලබාගැනීමයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම තරගයේ මුල සිට ම අදාළ දළ ලකුණු වේගය පවත්වාගෙන ගියද, කඩුළු අතැතිව ලකුණු රැස් කරගැනීමට අපොහොසත් විය. ලකුණු 79 ට කඩුළු 5 ක් බිද වැටී තිබියදී පිටියට පිවිසි චාමික කරුණාරත්න හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 75ක් ලබාගනිමින් දඹුල්ල ලකුණු පුවරුව 187 ක් දක්වා ගෙන ඒමට හැකි විය.

චාමික කරුණාරත්න
චාමික කරුණාරත්න හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 75ක් ලබාගනිමින් දඹුල්ල ලකුණු පුවරුව 187 ක් දක්වා ගෙන ඒමට හැකි විය

පන්දුවන්නගේ තරඟයක් නොවුණු මෙම තරඟයේ, ජේඩන් සීල්ස් කඩුළු 3 ක් ලකුණු 24 ක් තුල ලබාගැනීමට සමත්විය. අනෙක් සෑම පන්දුවන්නෙක් ම පාහේ පිතිකරුවන්ගේ දැඩි පහර දීමට ලක්ව තිබුණි.

ඒ අනුව ජැෆ්නා කණ්ඩායම අතීතය නැවත සිහිපත් කරමින් හෙට දිනයේදී ගාල්ල කණ්ඩායම සමඟ හම්බන්තොට දී අවසන් මහා තරඟය ක්‍රීඩා කරනු ඇත.

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL